ශ්රී්ංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගමන් මග ඒකක හා සේවාවන්
ශ්‍රී ලංකා වැඩිහිටියෝ හා වෙනත් වැඩිහිටි ප්‍රජා සංවිධාන අතර වෙනස
ශ්‍රී ලංකාවෙි සෑම ග්‍රාම සේවා වසමකටම අවම වශයෙන් එකක් හෝ වැඩිහිටි ප්‍රජා සංවිධාන පවතී. එම සංවිධාන වලින් ද ජනතාවට ඉමහත් සේවයක් සැලසේ. ඒ සංවිධාන ක්‍රියාත්මක ව් තම සාමාජිකයින්ගේ අධ්යාතික ගුණවගාව, සුබසාධනය යනාදී කරුණු කීපයක් ඉටුකර ගැනීමේ අරමුණෙනි. නමුත් ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ මුලික අරමුණ ජාතික වශයෙන් ශ්‍රී ලංකා වැඩිහිටියන්ට බලපාන ගැටලු වලට තිරසාර විසදුම් සෙවීමයි. මෙහිදී ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය උප ඒකකට කීපයක් යටතේ ක්‍රියාත්මක වේ.
ශ්‍රි ලංකා වැඩිහිටි සංවිධානයේ ඒ්කක.
- පරිපාලන, සැලසුම් හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ ඒකකය
- මුල්‍ය කලමනාකරණ ඒකකය
- අධ්‍යාපන හා සංස්කෘතික ඒකකය
- පර්යේෂන ඒකකය
- රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින්ගේ ඒකකය
- විශ්‍රාම වැටුප් නොලබන විශ්‍රාමකයින්ගේ ඒකකය
- විශේෂ වැඩිහිටි ඒකකය
- වැඩිහිටි කාන්තා ඒකකය
- විදේශගත ශ්‍රී ලාංකික වැඩිහිටි ඒකකය
- වැඩිහිටි වෘත්තීයවේදීන්ගේ ඒකකය
මෙම ඒකකය මධ්‍යම සංවිධානයේ සභාපති,ලේකම් හා ජාතික
සංවිධායක යටතේ ක්‍රියාත්මක වේ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම, සංවිධානයේ පරිපාලන
කටයුතු, සංවර්ධන සැලසුම් සකස්කිරීම හා සැලසුම් ක්‍රියාත්මක කිරීම යනාදී කටයුතු මෙම
ඒකකය යටතේ ක්‍රියාත්මක කෙරේ.
මුල්‍ය
පරිපාලන හා කලමනාකරණ ඒකකය
මෙම
ඒකකය සංවිධානයේ මුල්‍ය කලමනාකරණය භාරව කටයුතු කරයි. සාමාජික මුදල් අයකර ගැනීම, වෙනත්
අරමුදල් රැස්කිරීම, ගිනුම් නඩත්තු කිරීම, ලැබීම් ගෙවීම් (ආදායම් හා වියදමි) ගිණුම් පවත්වාගෙන යාම, සංවිධානයේ කටයුතු වලට අරමුදල්
සොයාගැනීම, මාසිකව දල ආදයම් වියදම් වාර්තා ප්‍රකාශයට පත් කිරීම, වාර්ෂික අයවැය
වාර්තා ප්‍රකාශයට පත්කිරීම යනාදී කටයුතු මෙම අංශයෙන් ක්‍රියාත්මක කරේ. මෙම ඒකකය මධ්‍යම
සංවිධානයේ භාණ්ඩාගාරික යටතේ ක්‍රියාත්මක වේ.
අධ්‍යාපන
හා සංස්කෘතික ඒකකය
වැඩිහිටියන් සතු පුද්ගලික දැනුම අත්දැකීම් පලපුරුද්ධ
පිලිබදව තොරකුරු එක්රැස්කිරීම, ශ්‍රී ලාංකීක
සංස්කෘතිය වටිනාකම් සාර්ධර්ම, පිලිබඳව වන විවිධ
මතවාද සඳහා වේදිකාවක් සැපයීම හා ඉන් පෙරී එන දැනුම සමාජගත කිරීම, දේඛනගත කර මතුපරපුර
වෙනුවෙන් සුරක්ෂිත කිරීම, ශ්‍රී ලාංකීක ජන
සමාජයේ වැඩිහිටියා පිලිබදව ධනාත්මක ආකල්ප ලමා හා තරුණ ප්‍රජාව තුල ගොඩ නැගීම, වැඩිහිටියාගෙන්
රටට සමාජයට සිදුවු සේවය, හා වැඩිහිටියාගෙන් ලබාගත හැකි සේවය යනාදී කරුණු
සම්බන්ධයෙන් පාසල් හා වෙනත් අධ්‍යාපන ආයතන මුල් කරගනිමින් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තවද තරුණ
ප්‍රජාව විශාල වශයෙන් සේවය කරනු ලබන ආයතන මුල් කරගණිමින් එවැනි අධ්‍යාපන වැඩ සටහන්
ක්‍රියාත්මක කිරීම, වැඩිහිටියා පිලිබදව ධනාත්මක ආකල්ප ඇති කිරිම අරමුණු කරගත් කාව්‍ය, කෙටිකතා ,නාට්‍ය
යනාදී සංස්කෘතික නිර්මාණ බිහිකිරීමට හා බිහිකිරීම පිණිස නිර්මාණ කරුවන් දිරිමත්
කිරීම යනාදී කටයුතුවල නියැලීම හා සංවිධානය එම තොරතුරු වලින් පොහොසත් කිරීම යනාදී කටයුතු
අධ්‍යාපන හා සංස්කෘතික ඒකකය කටයුතු කරනවා ඇත.
මෙම ඒකකය මධ්‍යම සංවිධානයේ උප සභාපතිගේ මගපෙන්වීම
යටතේ ක්රීයාත්මක වේ.
පර්යේෂන ඒකකය
පර්යේෂන ඒකකය මගින් විවිධ විෂයයන් පිලිබදව සම්ප්‍රධායික
දැනුම එක්රැස්කිරීම, නිරන්තරව සමාජ පර්යේෂන වල යෙදෙමින් ශ්‍රී ලාංකීක වැටිහිටියාට
ඇති ප්‍රශ්න ගැටලු දුෂ්කරතා පොදු දුෂ්ටියකිනන් හදුනා ගැනීම, සමාජ සංවර්ධනයත් සමග
ඉදිරියේද ඇතිවන ප්‍රශ්න උපකල්පනය කිරීම, වෙනත් රවවල් හා සංස්කෘතීන් වැටිහිටි ප්‍රශ්න
සම්බන්ධව කටයුතු කරන ආකාරය අධ්‍යනය කිරීම, යනාදී කටයුතු වල නිරතවෙමින් ඒ පිලිබදව සංවිධානයට තොරතුරු සපයනවා ඇත.
මෙම ඒකකය මධ්‍යම සංවිධානයේ උප ලේකම්ගේ මගපෙන්වීම යටතේ ක්රීයාත්මක වේ.
රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින්ගේ ඒකකය
රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයින් යනු රාජ්‍ය සේවයේ
කුමන හෝ කටයුත්තක් පිලිබදව දැනුම අත්දැකීම් හා පලපුරුද්ක් ලබා ඇති පිරිසක් වේ.
දැනට පවතින තත්වය තුල මොවුන්ගෙන් ඉහලම තනතුරු දැරූ සුලු පිරිසගේ සේවය විශ්‍රාම
ගැනීමෙන් පසු ලබාගන්නා නමුත් අති බහුතරය නොසලකා හැර ඇත. සමාජ හා ආර්ථික සංවර්ධණයට යොදාගක හැකි මෙම පුහුණු ශ්‍රමය මෙසේ
නොසලකා හැරීම ජාතික අපරාධයක් ලෙස සලකන ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
මෙම ඒකකය මගින් රාජ්‍ය සේවයේ සමස්ත විශ්‍රාමික ප්‍රජාවගේ විශ්‍රාමික දිවියට හානි
නොවන ආකාරයෙන් ඔවුන්තේ සේවය සමාජ හා ජාතික ආර්ථික සංව්ර්ධනයට දායක කරගතහැකි ආකාරය
සොයා බැලීම මෙම විශ්‍රාමිකයින්ගේ ජීවන තත්වය උසස් කිරීමට අදාල පුද්ගලික හා පොදු
ගැටලු විසදා ගැනීමට උපකාර කිරීම යනාදී කාර්යන් සොයා බා අදහස් යෝජනා සංවිධානයට වාර්තා
කිරීම සිදුකරනවා ඇත. අදාල රාජ්‍ය හා පුද්ගලික ආයතන හා ලංව කටයුතු කරමින් මධ්‍යම සංවිධානයේ කාරක සභිකයෙකුගේ මගපෙන්වීම යටතේ රාජ්‍ය අංශයේ
විශ්‍රාමිකයින්ගේ ඒකකය ක්රීයාත්මක වේ.
මාසික විශ්‍රාම වැටුපක් නොලබන නමුත් විශ්‍රාම
ගන්නා විට කල සේවය හේතුකොට යම් දීමනාවක් ලබන අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ ව්‍යාපාරික
හා කාර්මික තාක්ෂණික ආයතනවල විශ්‍රාමික පිරිසක් ශ්‍රී ලංකාවේ සිටී. මොවුන් කුමන හෝ
අංශයක පුහුණු ශ්‍රමිකයින් පිරිසකි. මෙම පිරිසෙන් 30% පමණ විශ්‍රාම ගැනීමෙන් පසු
කුමක් හෝ තමන්ගේම ව්‍යපාරයක නිරත වෙමින් ජාතික ආර්ථිකයට දායකත්වයව සපයති. තවත් 25%
පමණ පිරිසක් විශ්‍රාම යන විට තමත් ලැබූ මුදලින් යම් ප්‍රමාණයක් බැංකු හෝ වෙනත්
ආයතන වල තැන්පත් කොට හෝ ඉන් ලැබෙන මුදලින් මහලු දිවිය ගත කරති. තවත් 23% පමණ
පිරිසක් විශ්‍රාම ගැනීමෙන් පසු කුමක් හෝ රැකියාවක නිරතව සිටිති. තවත් 22% පමණ
පිරිසක් විශ්‍රාම ගන්නාවිට තමන් ලැබු මුදල තමන්ට ආදායමක් නොලැබෙන ආකාරයෙන් වැයකොට
දුවා දරුවන්ට, සමාජයට හා තමන්ටද බරක් වන ලෙස ජීවිත ගත කරති. විශ්‍රාම වැටුප් නොලබන
විශ්‍රාමිකයින්ගේ ඒකකය විසින් මෙම විශ්‍රාමිකයින්ගේ දැනුම අත්දැකීම් පලපුරුද්ධ
සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට හා ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුව පහසුව ගත
කිරීමට උපකාර කිරීම පිණිස අවශ්‍ය කරුණු නිරන්තරව සොයා බලා අදාල රාජ්‍ය හා පුද්ගලික
ආයතන සමග ද කොරතුරු හුවමාරු කරගනිමින් මධ්‍යම සංවිධානයේ කාරක සභිකයෙකුගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙමි්න්වන්න මෙම ඒකකය
සංවිධානය වෙත අදහස් නිර්දේශ ලබාදෙනවා ඇත.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් යම් පිරිසක් විශ්‍රාම
වැටුපක් හෝ වෙනත් දීමනාවක් නොලබන ග්රාමීයව හෝ නාගරිකව විවිධ තාවකාලික වෘත්තීන් හී
යෙදුන හා හේනේ කුඹුරේ වැඩකොට මහලු වු මිනිසුන් වේ. මොවුන්ද තම ලේ දහඩිය කදුලු
වැගුරුවේ මෙම රට වෙනුවෙනි. කිසිවෙකුගේ අවධානයට යොමු නොවී ඉතා දුක්බර මහලු දිවියක්
ගෙවන මේ පිරිසට සමාජ උපකාරය අත්‍ය අවශ්‍යවේ. තරුණ අවධියේ මත්පැනට විනෝදයට යොමුවීම
හෝ වෙනත් හේතුන් නිසා මොවුනට ඉතිරිකරගත් කිසිවක්ද නැත. මොවුන්ගේ දරුමුණුරන්ද බොහෝ
විට ධනවතුන් නොවන බැවින් තම වැඩිහිටියන් රැකබලා ගැනීමට ඔවුන්ටද නුපුලුවන. ගමේ ඉපිද
අධ්‍යාපනය ලැබීම හෝ වෙනත් ආකාරයෙන් ඉහලට යාම නිසා බොහෝ අය ගම රට හැර යද්දී ගමේම ඉදිමින් ගම රැක ගන්නේත් මෙම මිනිසුන් බැවින් ඔවුන්ගෙන් වු හා වන සේවය අතිමහත්ය. මධ්‍යම සංවිධානයේ
කාරක සභිකයෙකුගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන විශේෂ වැඩිහිටි ඒකකය මෙම සමාජ කාණ්ඩය පිලිබදව
සොයාබලා ඔවුන්ට උපකාර කිරීම, මගපෙන්වීම ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු පිලිබදව සංවිධනයට
තොරතුරු සැපසීම මගින් මෙම ජන කණන්ඩායමේ ගැටලු වලට තිරසාර විසදුමත් යොයා ගැනීම සදහා
අදාල රාජ්‍ය හා පුද්ගලික ආයතන සමග ද ලංව කටයුතු කරමින් සංවිධානයට සහාය වනවා ඇත.
වැටිහිටි කාන්තා ඒකකය
ශ්‍රී ලංකාවෙ කාන්තා වැඩිහිටි පිරිස විශේෂ කණ්ඩායමත්
බවට පත්ව ඇත. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් තම මුණුපුරු මිනිපිරියන් ඇතිදැඩි කරමින්
වත්තේ පිටියේ වැඩපල කරමින් කාලය ගෙවති. මොවුන්ගේ දැනුම අත්දැකීම් පලපුරුද්ධ සමාජ
ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට කිසිම වැඩ පිලිවෙලක් මෙතෙක් සැකසී ඇති බවක්
නොපෙනේ. ඔවුන්ගේ විශ්‍රාම දිවියට හානියක්
නොවන ලෙස දැනුම අත්දැකීම් පලපුරුදධ සමාජ ආර්ථික සංවර්ධයට යොදා ගැනීම පිනිස තොරතුරු
සපයා ගැනීම ඔවුන්ගේ ගැටලු ප්‍රශ්න සම්බන්ධයෙන් මැදහත් වී උපකාර කිරීම ඔවුන් සම්බන්ධව
තිරසාර විසදූ් සොයා ගැනීම සදහා සංවිධානයට තොරතුරු සැපයීම මෙම වැටිහිටි කාන්තා
ඒකකයෙන්සිදුවේ. මධ්‍යම සංවිධානයේ කාරක සභිකයෙකුගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන
මෙම ඒකකය අදාල රාජ්‍ය හා පුද්ගලික ආයතන සමග ද ලංව කටයුතු කරමින් සංවිධානයට සහාය
වනවා ඇත.
විදේශගත ශ්‍රී ලාකික වැඩහිටි ඒකකය
ශ්‍රී ලාංකීක වැඩිහිටියන් ලොව පුරා ජීවත්වෙති.
ඔවුන් කොහේ හිටියත් මව් බිමට ආදරය කරති. සිංහල දෙමල,මුස්ලිම් කියා එම ආදරයේ වෙනසක්
නැත. ඔවුන් කුමන බසක් ඉන්නා රටේ දී භාවිතා කලත් කුමන සිරිත් විරිත් පිලිපැද්දත් තම
මව්රටේ තම ජන කණ්ඩායමේ භාෂාවට තම මව් රටේ සංස්කෘතියට ඇලුම් කරති. එමෙන්ම තම දුවා
දරුවන්ට තම රට රටේ ජන ජීවිතය ගැන කියාදීමට මව් රටේ ජනතාවට උපකාර කිරීමට කැමැත්තෙන්
සිටිති. විදේශගත ශ්‍රී ලාකික වැඩහිටි ඒකකය
මෙම විදේශගත ශ්‍රී ලාංකිකයින් සමග සුහදශීලි සම්බන්ධතා ඇතිකර ගණිමින් ඔවුන් ජීවත්වන
රටවල වැඩිහිටි සංස්කෘතිය පිලිබදව තොරතුරු ලබාගණිමින්, ඒ රටවල වැඩිහිටි සංවිධාන සමග
ලංව කටයුතු කරමින් ඒම සංස්කෘතීන් හී අපට ලබාගත හැකි දේ ලබා දෙමින් හා අප
සංස්කෘතියේ ඔවුන්ට වැදගත් දේ ලබාදෙමින් ද මුල්‍ය වෙනත් ආධාර ලබාගැනීමට මග
පදාගනිමින්ද සංවිධානයට උපකාර කරනවා ඇත. . මධ්‍යම සංවිධානයේ කාරක සභිකයෙකුගේ මගපෙන්වීම
යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකකය අදාල රාජ්‍ය හා පුද්ගලික ආයතන සමග ද ලංව කටයුතු කරමින්
සංවිධානයට සහාය වනවා ඇත.
වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී නීතීඥ යනාදී වශයෙන්
විවිධ වෘත්තීය අංශයන්හී සේවය කොට විශ්‍රාම සුවයෙන් කාලය ගෙවන ශ්‍රී ලාංකිකයින් විශාල
පිරිසක් මෙරට හා විදේශවල ජීවත්වේ. මොවුන්ගේ දැනුම අත්දැකීම් හා පලපුරුද්ධ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක කිරීමට අවශ්‍ය කටයුතු
සොයාබැලීම,ඹවුන්ගෙ දැනුම ශ්‍රී ලාංකික පොදු ජනතාවට භාවිතාකල හැකි පරිදි ලේඛන ගත කිරීමට
පෙලඹවීම නව නිපයුම් වලට රුචිකත්වයක් දක්වන
පිරිසට අතහිත දීමට ඔවුන් පෙලඹවීම ඹවුන්ගෙ විශ්‍රාම දිවියට භාදාවක් නොවන පරිදි එම පිරිස්
වල සේවය සංවිධානයට ලබාගැනීමට කටයුතු කිරීම
මෙම ඒකකයට පැවරේ. මධ්‍යම සංවිධානයේ කාරක සභිකයෛකුගේ මගපෙන්විම යටතේ ක්‍රියාත්මක වන
මෙම ඒකකය ඒ් සම්බන්ධයේ සංවිධානයට සහාය වනවා
ඇත.
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
(කේ ඒස් සී පෙරේරා)
ගරු සභාපති.
සටහන
2013 වසරේදී එවකට කොළඹ මාතර දුම්රිය මාර්ගයේ ගමන් කල සාගරිකා දුම්රියේදී දනපතා හමු වු තරුණ හා වැඩිහිටි මිතුරන් පිරිසක් අතර නිරනතර ඇති වු කතාබහක ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකා වැඩිහිහියෝ ප්‍රජා සංවිධානය ආරම්භ විය. නිර්මාතෘවරුන්ට මුලදී පෙනීගිය කරුණක් වුයේ ශ්‍රී ලංකා වැඩිහිටියන් පිලිබදව සියලු තොරතුරු එක් තැනකින් ලබාගැනීමට නොහැකි බවයි. විවිධ වැඩිහිටි සංවිධාන ක්‍රියාත්මකව පැවතියත් ඔවුන් සමස්ථ වැඩිහිටි ප්‍රජාව නියෝජනය කරමින් ක්‍රියාත්මක නොවීය. සමාජ සේවා අමාත්‍යංශය, වැඩිහිටි ලේකම් කාර්යාංශය යනාදී රාජ්‍ය ආයතන පැවතියත් විවිධ අනපනත් නීතී රීතීන් වලින් ඇතිකල සීමා , මුල්‍ය ප්‍රතිපාදන සීමා හා වෙනත් භාධක නිසා රාජ්‍ය නිලධාරීන්ට ද සමස්ථ රටම හා විවිධ ජන කොටස්, විවිධ විශ්‍රාමික පිරිස් ආවරණය වන පරිදි පුලුල් පර්යේෂනාත්මක දත්ත තොරතුරු සොබා බැලීමකට ඉඩ ඇහිරී තිබුණි. මෙම හේතුව නිසා වසර පහකට වැඩි කලක් තිස්සේ බොහෝ දුෂ්කරතා මැද දත්ත තොරතුරු රැස්කරමින් වරින්වර හමුව ඒ පිලිබදව විමර්ශනය කරමින් අදහස් හුවමාරු කරගනිමින් ලබාගත් දැනුම පදනම් කරගනිමින් ඉහත ඒකක බෙදා වෙන් කෙරින.
Comments
Post a Comment