අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
ශ්‍රී ලාංකීක සමාජයෙන් 18% පමණම වයස 60 ඉක්ම වු වියපත් වැඩිහිටියන් බව කියවේ.
ඔවුන්ගෙන් බහුතරයක් මෙම ආර්ථික අර්බුධය හමුවේ කායිකව හා මානසිකව විඳවන එමෙන්ම ජීවිතය පවා අවධානම් ජන කොට්ඨාශයක්
බව පත්ව සිටිති. මේ වනවිට රට දැඩි ආර්ථික අර්බුධයකට හසුව බංකොලොත් වී සමාජයේ සෑම
තරතිරමකම මිනිසුන් ඉතා අර්ධකාරී තත්වයකට
පත්ව සිටින බැවින් ආණ්ඩුව හෝ වෙනත් කිසිවෙක් වියපත් වැඩිහිටියා පිලිබදව විශේෂයෙන්
සිතා බලන බව නොපෙනේ. නමුත් මෙම සමාජ
ආර්ථික ප්‍රශ්න හමුවේ
සැමගේ සාණුකම්පිත අවධානය වියපත් ශ්‍රී ලාංකීක වැඩිහිටියා වෙත යොමුවිය යුතුව පවතී.
වියපත් වැඩිහිටියා අද මුහුණදෙන ප්‍රශ්න කීපයක්
- ආර්ථක අර්බුධය හමුවේ වියපත් වැඩිහිටියන් සිටින පවුල්වල ආදායම උපයන පිරිස්වල ආදායම පහල යාම හා ජීවන වියදම ඉහලයාම නිසා අවම පෝෂණය සහිත ආහාර වේලක් හෝ වියපත් වැඩිහිටියන්ට නොලැබීම.
- අඩු අදායම් සහිත පවුල්වල වැඩිහිටියන්ට අවම පෝෂණය සහිත ආහාර වේලක් නොලැබීම පමණක් නොව දිනකට ලැබෙන ආහාර වේල් 03 වෙනුවට එක් ආහාර වේලක් පමණක් ලැබන අවස්ථා පවතින බැවින් අඩ කුසගින්නේ සිටීමට සිදුවී තිබීම.
- සමහර පවුල්වල වියපත් වැඩිහිටියන්ගේ භාර්යාව හෝ දරුවන් ආදායම් උපයන්නන් නොවන අතර පවුලේ එකම ආදායම වැඩිහිටියාගේ විශ්‍රාම වැටුප හෝ විශ්‍රාම යන අවස්ථාවේ ලැබුන යම් දීමනාවක් බැංකුගත කර ඉන් ලබාගන්නා පොලිය වේ. මෙම පිරිස් කුමක් හෝ ආදායම් උපයන සුලු රැකියාවක් ද කරමින් පවුල් නඩත්තු කල නමුත් පවතින අර්බුධය හමුවේ එවැනි ආදායම් මාර්ග ඇහිරී ගොස් ඇති බැවින් එම පිරිස් පවුල් පිටින් ඉතා අසරණ වී සිටිති.
- වැඩිහිටියන් සිටින පවුල්වල කුඩා දරුවන් වඩාත් ලංවන්නේ තම සීයාට, මිත්තනියට වේ. මෙනිසා වියපත් වැඩිහිටියන් හා කුඩා දරුවන් අතර ඉතා සමීප සම්බන්ධාතාවක් පවතී. තම ආහාර වේලට ඉදිහිට හෝ ලැබෙන බිත්තරයක්, මස් කෑල්ලක්,හෝ මාලු කෑල්ලක්,කිරී වීදුරුවක් වැනි දේ කිසි විටෙක තම මුනුපුරාගේ හෝ මිනිපිරියගේ ආහාරයට අඩුවක් ඇත්නම් ආහාරයට නොගෙන හොරෙන් හෝ කැවීම ශ්‍රී ලාංකීක වැඩිහිටි සංස්කෘතියේ ලක්ෂණයෙකි. එම හේතුව නිසාද මෙම අර්බුධය හමුවේ වියපත් වැඩිහිටියන්ගේ ආහාරයට ඉදහිට හෝ පෝෂණ කොටස් නොලැබී යයි.
- සමහර වැඩිහිටියන්ට ලැබන විශ්‍රාම වැටුප රුපියල් රුපියල් පහලොස් දහසත් විසිදහසත් අතර පවතී. නමුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව සියලුම විශ්‍රාමිකයින් මධ්‍යම ආදායම් ලැබෙන පුරවැසි ගණයේ ලා සලකන බැවින් මොවුන්ට රජය ලබාදෙන කිසිම සහනාධාර දිමනාවක් හෝ නොලැබේ. මෙම ආර්ථික අර්බුධය හමුවේ එවැනි පිරිස් ද ඉතා අසරණ තත්වයට පත්ව සිටිති.
- වියපත් වැඩහිටියන් බොහෝ දෙනෙක්( 70% පමණ) දෛනිකව කුමක් හෝ රෝගයක් හෝ රෝග කීපයකට ඖෂධ ලබාගන්නා පිරිස්ය. ඖෂධ මිල අසීමිතව ඉහල යාමත් ඖෂධ හිගයත් නිසා මෙම පිරිස්වල දෛනික ඖෂධ ලබාගැනීමේ අපහසුතා ඇති වී තිබේ. එබැවින් ඔවුන්ට විශාල ජීවිත අවධානමක් පවතී.
විශේෂයෙන්ම කෝවීඩ් අවධානම තවමත් පහව නොගිය තත්වය තුල
අඩු පෝෂණය මට්ටම නිසා දුර්වලව ඇති වෙනත් රෝග වලින්ද පෙලෙන මෙම වැඩිහිටියන් රැක ගැනීම
පිලිබඳව අවධානම යොමු නොකල හොත් මෙම පිරිස් වල ජීවිත ආරක්ෂා කර ගැනීමට නොහැකි වේ.
එබැවින්
වියපත් වැඩිහිටියා පිලිබදව ශ්‍රී ලංකා ආණ්ඩුව, ප්‍රමාණවත් ආදායමක් ලබන ලාංකීක පුරවැසියන්,
විදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයින්, ,විදේශගත ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්, දේශීය සහ විදේශීය
දානපතියන් ඇතුලු සැමගේ සාණුකම්පිත අවධානට යොමු
කරන ලෙස අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
විශේෂයෙන්ම
මෙම වියපත් වැඩිහිටියන් වියපත් වුයේ තම ලේ, දහඩිය,කඳුලු මෙම රට වෙනුවෙන් හෙලා ` බැවින්
ඔවුන් ආරක්ෂා කිරිමේ සමාජ වගකීමක් සැමට පවතින බවද සිහි කැඳවමු.
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
ගරු සභාපති.
Comments
Post a Comment