Posts

Showing posts from September, 2022

ශ්‍රී ලංකා රාජ්‍ය සේවය අකාර්යක්ෂම හා දුෂිත වුයේ කෙසේද ?

Image
           රාජ්‍ය සේවය   දඩුවම් නැති අපරාධ   ශ්‍රී ලංකාව 1972 දී අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදී ජනරජයක් වු නමුත් ජනරජ පාලනයට අවශ්‍ය නීති         සකස්කර       ගැනීමට අපි  අහොසත්විමු. යටත් විජිත පාලකයින් භාවිතා කල නීතී අනපනත පුළුල්   අධීක්ෂණයකට ලලක්ට ජනරජයට   ගැළපෙන නීති සකස්කර ගැනීම වෙනුවට යටත් විජිත පාලකයින් භාවිතා කළ නීතී කපමින් කොටමින් අන්ඩ දම දමා අපි භාවිතා කරමු. එහි අනිසි පළ මේ වනවිටත්  බුක්ති විදිමින් සිටිමු. ප්‍රායෝගික සිදුවීම් ඇසුරින් හා නීතිමය විග්‍රහයන් තුලින්   ශ්‍රී ලංකා රාජ්‍ය සේවය අකාර්යක්ෂම හා   දුෂිත වුයේ කෙසේද විමසන මෙම පොත රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීම පිණිස නීතිමය සංසෝධන  අවශ්‍යතාවය පැහැදිලි කරයි.   ලගදීම මෙම පොත නොමිලේම කියවීමට   ශ්‍රී ලංකා වැඩිහිටියෝ   ඔබට අවස්ථාව ලබාදීමට කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා වැඩිහිටියෝ

උසස් පෙළ දරු දැරියන්ට තොරතුරු තාක්ෂණ වෘත්තීය අධ්‍යාපනය

Image
  ශ්‍රී ලංකා වැඩිහීයෝ සමාජ සමීක්ෂණ IUHS Campus INSTITUTE OF UNIVERSAL HIGHER STUDIES(PVT)LTD ආයතනයේ තොරතූරු තාක්ෂණ නිදහස් අධ්‍යාපන වැඩ සටහන 2020/ 09/ 20 නුගේගොඩ පිහිටා ඇති   IUHS Campus හෙවත් INSTITUTE OF UNIVERSAL HIGHER STUDIES(PVT)LTD නැමති අධ්‍යාපන ආයතනය මගින් දියත් කිරීමට සැලසුම් කර ඇති   අධ්‍යාපන වැඩසටහනක් නීරීක්ෂණය කිරීමට අපිට අවස්ථාව ලැබුනි. එම නීරීක්ෂණයේ   දී   උසස් පෙළ විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිට විෂයයන් එකක් හෝ දෙකක් අසමත් ඉංග්‍රිසි භාෂාව පිලිබඳව යම් දැනුමක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යවන් සියයක් පමණ තෝරාගෙන   ආහාර හා නේවාසික පහසුකම්   නොමිලේ ලබාදෙමින්   තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් සඳහා ඉගැන්වීමටත් (දැවුරුදු   අධ්‍යාපන කාලයක් ) ඉන්පසු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විභාග පවත්වා   ඩිප්ලෝමාවක් ලබාදීමටත් කටයුතු කරනු ලබන බව දැනගැනීමට ලැබුනි. ඉන්පසුව අදාල දරු දැරියන් රැකියාවලට යොමුකොට එම දරුවන්ටම උපයාගෙන උපාධියක් කරා යාමට කටයුතු සැලසුම්කොට ඇති බවත් මෙහිදී අපගේ නීරීක්ෂණයට හසුවිය. මෙම අධ්‍යාපන වැඩසටහන මෙත් බෝ සෙවන ආශ්‍රමයාධීපති කීර්තිමත් යතිවර පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ප්‍