උසස් පෙළ දරු දැරියන්ට තොරතුරු තාක්ෂණ වෘත්තීය අධ්‍යාපනය

 

ශ්‍රී ලංකා වැඩිහීයෝ සමාජ සමීක්ෂණ

IUHS Campus

INSTITUTE OF UNIVERSAL HIGHER STUDIES(PVT)LTD ආයතනයේ

තොරතූරු තාක්ෂණ නිදහස් අධ්‍යාපන වැඩ සටහන


2020/ 09/ 20 නුගේගොඩ පිහිටා ඇති  IUHS Campus හෙවත් INSTITUTE OF UNIVERSAL HIGHER STUDIES(PVT)LTD නැමති අධ්‍යාපන ආයතනය මගින් දියත් කිරීමට සැලසුම් කර ඇති  අධ්‍යාපන වැඩසටහනක් නීරීක්ෂණය කිරීමට අපිට අවස්ථාව ලැබුනි. එම නීරීක්ෂණයේ  දී  උසස් පෙළ විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිට විෂයයන් එකක් හෝ දෙකක් අසමත් ඉංග්‍රිසි භාෂාව පිලිබඳව යම් දැනුමක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යවන් සියයක් පමණ තෝරාගෙන  ආහාර හා නේවාසික පහසුකම්  නොමිලේ ලබාදෙමින්  තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් සඳහා ඉගැන්වීමටත් (දැවුරුදු  අධ්‍යාපන කාලයක් ) ඉන්පසු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විභාග පවත්වා  ඩිප්ලෝමාවක් ලබාදීමටත් කටයුතු කරනු ලබන බව දැනගැනීමට ලැබුනි. ඉන්පසුව අදාල දරු දැරියන් රැකියාවලට යොමුකොට එම දරුවන්ටම උපයාගෙන උපාධියක් කරා යාමට කටයුතු සැලසුම්කොට ඇති බවත් මෙහිදී අපගේ නීරීක්ෂණයට හසුවිය. මෙම අධ්‍යාපන වැඩසටහන මෙත් බෝ සෙවන ආශ්‍රමයාධීපති කීර්තිමත් යතිවර පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ප්‍රමුක සංඝා වහහන්සේලා පිරිසක්  සහ ප්‍රවීන උපකාර පන්ති ගුරුභවතෙකු වූ අමිත් පුස්වැල්ල  මහතා ප්‍රමුඛ  ගිහි උගතුන් පිරිසගේ නායකත්වයෙන් හා  තොරතරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහල සුදුසුකම් ලැබු ආචාර්ය  මණ්ඩලයක සහභාගීත්වයෙන් සිදුකිරීට සැලසුම්කොට ඇතිබවත් අපගේ නිරීක්ෂණයට හසුවිය.

ශ්‍රී ලංකාවේ පාසැල්වල පරිගණක  අධ්‍යපනය අතිරේක විෂයයක් ලෙස ඉගැන්වීම ආරම්භ වුයේ 1983 වසරේදීය. අපිට වඩා වසර පහකට පමණ පසූ එම කාර්යට පිවිසි ඉන්දියාව අද වනවිට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ලබා ඇති දියුණුව විශ්මිතය. නමුත් අප දරු දැරියන්ට එම විෂය පිලිබදව ප්‍රයෝගිකව අත්දැකිය හැකි දැනුම ග්‍රහණය කරගැනීමට තිබෙන හොදම ස්ථානය වු ශ්‍රී ලංකාවේ පාසැල්වල අද දක්වා ගුරු භවතුන්ගේ පැමිණිම නිවාඩු තරම් දෙයක්වත් කලමනාකරණයට පිලිගත හැකි මට්ටමේ මුද්‍රකාංගයක් හදුන්වාදීමට අප අධ්‍යාපන බලධාරීන් අපොහොසත් වීමට තරම් පසුගාමීව සිටියදී බෞද්ධ දර්ශණයේ සෑබෑ හරය හදුනාගත් යතිවරයෙකු වු පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රමුක ගිහි පැවිදී බුද්ධීමතුන් පිරිසක් ජාතී, ආගම්, පක්ෂ, පාට කුල, ගෝත්‍ර නොතකා  මෙවැනි අධ්‍යාපන වැඩ සටහනක් සැම දරු දැරියකටම බොදුවේ ප්‍රයෝජනය ලැබිය හැකිලෙස දියත් කිරීමට ඉදිරිපත් වීමට  තාග්‍යශිලී විම පැසසිය යුත්තකි.

මෙය ඉතාමත් ප්‍රශස්ථ සමාජ සත්කාර්යක් ලෙස අපි දකිමු. දැඩි ආදායම් බෙදීයාමේ විෂමතාවක් සහිත මේ වනවිට දැවැන්ත ආර්ථික අර්බුධයකටද හසුව ඉන් දැඩි පීඩනයට පත්ව  සිටින ශ්‍රී ලංකාවේ පහල ආදායම් ලබන සමාජ කණ්ඩායමේ දක්ෂ දරුදැරියන්ට කුමක් හෝ හේතුවක් නිසා උසස් පෙළ සමත් වීමට නොහැකි වුවහොත් අනාගතය අඳුරුවීමේ තත්වයක් පවතින බැවින් මෙම අධ්‍යාපන වැඩ සටහන එම දරු දැරියන්ට ආලෝකය සපයන  කාලෝචිත උසස් මානසිකත්වයක් ඇති සමාජ හිතකාමී බුද්ධිමතුන් පිරිසකගේ වටිනා ප්‍රවේශයක් ලෙසද අපි දකිමු. ශ්‍රී ලාංකීක වැඩිහිටියන් වශයෙන් මෙවැනි ජනතා ප්‍රේමී ප්‍රයත්නයන්  සැමවිටම  අපි ඉතා අගය කොට සලකමු.

නොගැලපෙන දේශපාලන හා පරිපාලන සංස්කෘතියක් බොහෝ කලට සිට ශ්‍රී ලංකාවේ  පවතින නමුත් ඉන් සමාජයට වන හානිය අවම කිරීම සදහා ශ්‍රී ලාංකීක ජනතාවාදී බුද්ධිමතුන් සෑමවිටම උත්සාහ දරා ඇති බව ද මෙම අවස්ථා‌යේ අපි සිහිකරමු. 1990 දශකයේදී  කොළඹ විශ්ව විද්‍යාලය මූලික වෙමින් පවත්වාගෙන ගිය වෙහෙසෙන දෑතට සරසවි වරම් නම් වු අධ්‍යාපන වැඩ සටහන යටතේ විවිධ හේතු නිසා උසස් අධ්‍යාපන වරම් අහිමි වු බුද්ධිමත් ශ්‍රමික පිරිස් වෙත පහ වසරේ සිට 13  වසර දක්වා විෂය නිර්දේශය වසර දෙකකින්  ආවරණය වන පරිදි ගණිතය, විද්‍යාව හා තාක්ෂණය, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව, ජාත්‍යන්තර කටයුතු, සමාජ ගැටලු  යනාදී විෂයයන් වසර දෙකක් පුරා සන්ධ්‍යාකාලීනව උගන්වා ඉන් සමත් වු සිසුන් විශ්ව විද්‍යාලයේ  අභ්‍යන්තර සිසුන් ලෙස බඳවාගෙන උපාධි පාඨමාලා හැදැරීමට අවස්ථාව ලබාදීම අපි මෙහිදී සිහි කැඳවමු.

එම අවස්ථාවේ එසේ විශ්ව විද්‍යාලයට පිවිසීමට කම්කරුවන්ට අවස්ථාව ලබාදීමෙන් විශ්ව විද්‍යාලයේ කීර්තිනාමය වැනසෙන බවට එක් පිරිසක් තර්ක කරද්දී මහාචාර්ය කාලෝ පොන්සේකා, මහාචාර්ය නන්දදාස  කෝදාගොඩ, මහාචාර්ය ඔස්මන් ජයරත්න, මහාචාර්ය කුමාරී ජයවර්ධණ, මහාචාර්ය ජේ.බී දිසානායක, ආචාර්ය හේමා විජේවර්ධන ඇතුලු බොහෝ ජනතාවාදී ආචාර්ය මහචාර්යවරුන් සහ උසස් වෘත්තීයවේදීන් කිසිම මුදලක් අය නොකර ස්වෙච්ඡාවෙන්ම සේවක අධ්‍යපන පාඨමාලාවේ ඉගැන්වීම් කරමින් විරුද්ධ මතවාදීන් මතවාදීව පරාජය කිරීමට සහ එම පාඨමාලාවේ ගුණාත්මක භාවය රැකදීමට දිවා රෑ නොබලා වෙහෙස වුව ආකාරය ද ඒ වියතුන්ට ගෞරවයක් වශයෙන් මෙහිදී සිහිකරමු..එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන  උපාධි සමත්ව ඉංජිනේරු ,කලමනාකරණ, සෞඛ්‍ය, ජාත්‍යන්තර කටයුතු, කෘෂි විද්‍යාව යනාදී අංශවලින් වියතුන් 150 ක් පමණ අතීතයේ  බිහිවු බවද අපට මතක ඇත.

එමෙන්ම 1990  දශකයේදී එක් කලාප අධ්‍යාපන බලප්‍රදේශකට එක් පරිගණක සම්පත් මධ්‍යස්ථාය බැගින් බිහිකර එම අධ්‍යාපන බල ප්‍රදේශයේ සියලුම පාසැල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් සිසුන් අදාල  මධ්‍යස්ථානයට කැඳවා වසර දෙකක තොරතුරු තාක්ෂණ පාඨමාලාවකින් පසු එම අංශයේ රැකියාවලට යොමු කිරීමට ගත් වෙහෙසද අපි මෙම අවස්ථාවේ එම වැඩසටහනට මුල් වු වියතුන්ට ගෞරවයක් වශයෙන් සිහිකරමු. රාජ්‍ය අංශයේ එම වටිනා අධ්‍යාපන වැඩ සටහන් ශ්‍රී ලංකාවේ පවතින කණ්ඩායම්වාදී දේශපාලන හා පරිපාලන සංස්කෘතිය නිසා වැඩිකල් නොපැවතුනි.

එම හිඩස පිරවීමට ඉදිරිපත් වෙමින් සමාජය දෙස මානවවාදී  දුෂිඨිකෝණයකින් බලා  මෙවැනි වැඩ සටහනක් සැලසුම්කොට දියත් කිරීමට ඉදිරිපත් වු INSTITUTE OF UNIVERSAL HIGHER STUDIES(PVT)LTD ආයතනයට  සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

 මෙය ඉතා බාරදුර කටයුත්තකි. සපයන සේවාවට සරිලන ආදායමක් නූපදින කුමන  කාර්යක් වුවද කොතරම් විශාල ධනයක් ඇති පිරිසකට හෝ ආයතනයකට වුවද දිගුකලක් පවත්වාගෙන යාම අපහසු කටයුත්තකි. එම අපහසුතාවයන් පිලිබඳව මනා අවබෝධයෙන් මෙම සත්කාර්යයට මුල් වු බුද්ධිමතුන් කටයුතු කරනු ඇතැයිද අපි විශ්වාස කරමු.  එමෙන්ම මෙම සමාජ සත්කාර්යය සාර්ථක කරගැණීම හා දිගුකලක් පවත්වාගන යාම පිණිස මුල්‍ය හා බුද්ධිමය දායකත්වය හැකි සෑම අයෙක්ම සපයත්වායි ද අපි ප්‍රාර්ථනා කරමු.

ගරු සභාපති

ශ්‍රී ලංකා වැඩිහිටියෝ (නිදහස් මතධාරී) ප්‍රජා සංවිධානය

Comments

Popular posts from this blog

අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු

ශ්‍රී්‍ංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගමන් මග ඒකක හා සේවාවන්