සංවිධනයේ ව්‍යවස්ථාව
ශ්‍රි ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ව්‍යවස්ථා
1
සංවිධානයේ නම(Name of the Organization)
මෙම ප්‍රජා සංවිධානය “ශ්‍රි ලංකා
වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය” නමින්
හදුන්වනු ලැබේ. මින් මතු සංවිධානය නමින් මෙහි සදහන් වන “ශ්‍රි ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය” පහත අංක 3 දරණ ව්‍යවස්ථාවෙන් දැක්වෙන අරමුණු ඉටු කරගැනීම සදහා ආරම්භ කර පවත්වාගෙන යනු ලැබේ.
2
සංවිධානයේ ලිපිනය(Address of the Organization)
සංවිධානයේ ප්‍රධාන කාර්යාලය කලුතර
දිස්ත්‍රික්කකයේ පානදුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වාද්දුව නගරයේ පිහිටි සරත්
අයන් වර්කස් ආයතන ගොඩනැගිල්ලේ උඩුමහලේ අංක
01/26” මොරොන්තුඩුව පාර , වාද්දුව යන ලිපිනයේ පවත්වාගෙන යනවා ඇත.
.සංවිධානයේ දැක්ම Mission)
වැඩිහිටියා යනු නිකරුනේ මහලුව අබල
දුබල වූවකු නොවේ. හෙතෙම අද පවතින ලෝකයේ නිර්මාණකරුවා වේ. වැඩිහිටියා මහලුව අබල දුබල වුවත් වැඩිහිටියාගේ
දැනුම, අත්දැකීම් හා පලපුරුද්ද මහලු වී නැත. ඒ අනුව රටකට තිබෙන වටිනාම පරිණත
මානව ශ්‍රම සම්පත වැඩිහිටියාය.
මෙහෙවර (Vision)
සමස්ත ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවට ගෞරවාන්විතව හා අභිමානයෙන් යුතුව ජීවිතයේ
සැදැ සමය ගතකිරීමට අවශ්‍ය පරිසරය සකස්කර
දීම , ඔවුනට හිමි සමාජ ගෞරවය ලබා දීම හා වැඩිහිටි දැනුම පලපුරුද්ද හා අත්දැකීම් ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය සදහා යොදා ගැනීමට සමාජය මෙහෙයවීම,
3
සංවිධානයේ අරමුණු (Objectives of the Orginazation)
ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවගේ සුබ සාධනය, අයිතිවාසිකම්, යුතුකම් හා වගකීම්
ඉටු කිරීම සදහා අවශ්‍යය වේයයි සංවිධානය තීරණය කරනු ලබන ශ්‍රී ලංකාවේ බලපවත්වන්නා
වූ ශ්‍රී ලංකාවේ නීතියට අනුකූල කුමන කටයුත්තක් හෝ කටයුතු සැලසුම් කිරීම ,සංවිධානය
කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම .
3.1 ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවගේ
දැනුම, පලපුරුද්ද, හැකියාවන් ශ්‍රී ලාංකීක සමාජ, ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයට
යොදා ගැනීම සදහා අවශ්‍ය කටයුතු ශ්‍රි ලංකාවේ
නීතියට අනුකූලව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන
යාම.
3.2 ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් වලට ආවේනික සමාජ , සංස්කෘතික, සම්ප්‍රධායික දැනුම, සිරිත් විරිත් හා භාවිතයන් සුරක්ෂිත කිරීම සදහාත්, මතු පරපුරේ ප්‍රයෝජනය
සදහාත් , අවශ්‍යය කටයුතු ශ්‍රි ලංකාවේ පවත්නා නීතියට අනුකූලව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම.
3.3 ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාව පිලිබදව දත්ත ,
තොරතුරු රැස් කිරීම , සුරක්ෂා කිරීම හා වැඩිහිටි ප්‍රජාවගේ දැනුම අත්දැකීම්
පලපුරුද්ධ සමාජ ආර්ථික හා සංස්කෘතික සංවර්ධනයට යොදා ගැනීම කටයුතු කිරීම.
3.4 ශ්‍රී ලංකාවේ වැඩිහිටි ප්‍රජාවගේ අයිතිවාසිකම
,වගකීම සහ යුතුකම් සම්බන්ධයෙන් මැදහත්වීම
3.5 ශ්‍රී ලංකාවේ
ලමා හා තරුණ පරපුර තුල වැඩිහිටියා
පිලිබඳව ධනාත්මක ආකල්ප සංවර්ධනය කිරිම
3.6 ජාති, ආගම්. කුල, පක්ෂ, කණ්ඩායම්,
මත යනාදී පටු ආකල්ප පිටු දැක එකම මානව වර්ගයක් ලෙස බුදු දහමේ ඉගැන්වීම් ගුරුකොට
ගනිමින් හා වෙනත් ආගම්වල ඉගැන්වීම ද
සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට වැඩිහිටි ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනිම
3.7 ඉහත අරමුණු සාක්ෂාත් කරගැනීම
සදහා ලෝක ප්‍රජාව සමග එකතු වෙමින් දැනුම
හුවමාරු කරගැනීම සහ ශ්‍රී ලංකාවේ නීතියට එකගව වෙනත් ආකාරයෙන් කටයුතුකිරීම.
4. සංවිධානයේ නියෝජිත පාලනය හා බලය, (Mandates and Power of the Organization)
සංවිධානය සාමාජික ඡන්දයෙන් තොරා ගන්නා නිලධාරී මණ්ඩලයක් මගින් ක්‍රියාත්මකවේ. සංවිධානයේ ප්‍රධාන නිළධාරියා
සභාපති වේ. අනිකුත් ප්‍රධාන නිලයන් ලෙස ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික, ජාතික
සංවිධායක, උප සභාපති , උප ලේකම් යන තනතුරු සැලකේ. පරිපාලන කටයුතු මෙහෙයවීම හා
පවත්වාගෙන යාම ඉහත කී නිලධාරී මණ්ඩලයෙන් සැදුම් ලත් අධ්යක්ෂ මණ්ඩලයක් මගින් සිදුවේ.
4.1 කිසියම් කරුණක් සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩලය තුල මත කීපයක් ඉදිරිපත් වූ
විටක අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන්
පිලිගන්නා මතය අදාල කරුණ සම්බන්ධයෙන් සංවිධානයේ මතය ලෙස පිලිගත යුතුය.
4.2 කිසියම් අවස්ථාවක කුමන හෝ කරුණක්
සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩලය තුල මත
එකකට වැඩි ගණනක් වූ විටක බහුතරයේ
මතය සොයා ගැනීම සදහා සභාපතිවරයා
විසින් අත් ඔසවා තමන් එකග වන මතයට ඡන්දය
ප්‍රකාශ කරන ලෙස අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට දැන්විය යුතුය. එවැනි අවස්ථාවක
සමාන ඡන්ද ප්‍රමාණයක් මත දෙකකට හෝ වැඩි ගණනකට ලැබුනහොත්
සභාපතිවරයා තමන් එකගවන මතයට පක්ෂව තම ඡන්දය ලබා දී බහුතරයේ මතය තෝරා ගතයුතුය. එසේ නොවන අවස්ථාවක
සභාපතිවරයා ඡන්දය දීමෙන් වැලකී සිටිය යුතුය.
4.3 සංවිධානයේ සියලුම කටයුතු සම්බන්ධයෙන්
අධ්යක්ෂ මණඩලයේ තීරණය අවසාන තීරණය වන අතර
සෑම අයෙකුම එය පිළිගත යුතුය. ශ්‍රී ලංකාවේ පවත්නා විධිමත් අධිකරණයකට හැර
වෙනත් කිසිවෙකුටත් අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයන් පිළිබදව ප්‍රශ්න කල නොහැක.
4.4 සංවිධානය නීතිගත කල දින සිට වසර
දෙකක කාලයක් සංවිධානයේ ප්‍රවර්ධන කාලය ලෙස සැලකන අතර එම කාලය තුල සංවිධානයේ නිර්මාතෘවරුන් සංවිධානයේ සාමාජික ඡන්දයෙන් තේරී පත්වූ
නිළධාරීන් ලෙස සලකා කටයුතු කිරීමට
සම්පූර්ණ බලතල හිමිවේ. සංවිධානයේ නිර්මාතෘවරුන් ලෙස පිලිගනු ලබන්නේ සංවිධානය ලියාපදිංවි කිරීමේදී නිලධාරීන්
ලෙස ලේඛන ගතකල නිළධාරී මණ්ඩලය වේ. ප්‍රවර්ධන කාලය හෙවත් මුල් වසර දෙක අවසන් වී
ලිත් මාස 06 ක් ඉක්මයාමට පෙර සාමාජික නියෝජිත ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කොට
සංවිධානයේ පාලනය පවරා දීමට ප්රවර්ධකයික්
කටයුතු කල යුතුය.
5. සංවිධානයේ සාමාජිකත්වය (Membership of the Organization)
මෙම සංවිධානය ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂ බව, කතා කරන
භාෂාව , ජීවත්වන පලාත දිසාව හෝ රට යනාදී කිසිම භේදයකින් තොරව සංවිධානයේ අරමුණු ඉටු
කර ගැනීම සදහා සිය කැමැත්තෙන් එක්වන ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවගේ ප්‍රජා
සංවිධානයකි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කර ඇති වැඩිහිටි වයස් පනතේ විධි විධානයන්ට යටත්ව අවුරුදු 21 වැඩි සෑම ශ්‍රී ලාංකිකයෙක්ම
වැඩිහිටියකු ලෙස සලකන සංවිධානය, සංවිධානයේ අරමුණු පිලිගන්නා වයස අවුරුදු 21 ට වැඩි
සිය කැමැත්තෙන් සාමාජිකත්වය ඉල්ලා සිටින සෑම ශ්‍රී ලාංකීක පුරවැසියෙකුටම සංවිධානයේ
සාමාජිකත්වය පිරිනැමීමට බැදී සිටී. එසේ වුවද ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවගේ සුබ සාධනය,
අයිතිවාසිකම් , යුතුකම් හා වගකීම් යන්න සැලකිල්ලට ගැනීමේදී (විශේෂයෙන් සලකා
බැලිය යුතු සාධාරණ හේතුවක් ඇති විටක හැර ) සංවිධානය 2000 අංක
09. දරණ වැඩිහිටි පනතේ විධිවිධානයන් සැලකිල්ලට ගනිමින් වයස
අවුරුදු 60 ඉක්ම වූ ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවට ප්‍රමුකත්වය ලබාදෙනු ලැබේ.
5.2.1නිර්මාතෘ සාමාජිකයින්(Founder Members)
සංවිධානය ගොඩනැගීමට මූලිකව ක්‍රියාකල හා
ලියාපංදිංචි කරන අවස්ථාව වනවිට සාමාජිකත්වය ලබා සිටි සාමාජිකයින් නිර්මාතෘ
සාමාජිකයින් ලෙස සැලකේ. මුල් වසර දෙකින් පසු මෙම නිර්මාතෘ සාමාජිකයින් සෑම අයෙක්ම යාවජීව
සාමාජිකයින් ලෙස සැලකේ. ව්‍යවස්ථාවට අනුකූලව ප්රතිලාභ ලබාදීමේදී යාවජීව
සාමාජිකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙනවා ඇත.
5.2.2 පරිපාලන සාමාජිකයින් (Governing Members)
සංවිධානයේ (මව්සංවිධානයේ) සභාපති, පුධාන ලේකම්,
භාණ්ඩාගාරික ,ජාතික සංවිධායක උප සභාපති, උප ලේකම්,යන නිලයන් දරණ සාමාජිකයින් මධ්‍යම
පරිපාලන සාමාජිකයින් ලෙස සැලකේ. ඒ හැරනුකොට සෑම පළාත් ආණ්ඩු බල ප්‍රදේශයක් සදහාම
පත්වන පලාත් සංවිධායක, පලාත් සභාපති,.පලාත් ලේකම්,පළාත් භාණ්ඩගාරික, අදාල පලාත තුල
පරිපාලන සාමාජිකයින් ලෙස සැලකේ.ඒ හැරුණුකොට සෑම.පලාත් ආණ්ඩු බල ප්‍රදේශයකම පිහිටි සෑම දිස්ත්‍රික්කයක්
සදහාම පත්වන දිස්ත්‍රික් සංවිධායක, දිස්ත්‍රික්
සභාපති ,දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් භාණ්ඩාගාරික, අදාල දිස්ත්‍රික්කයේ පරිපාලන
සාමාජිකයින් ලෙස සැලකේ.ඒ හැරුණුකොට සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ප්‍රාදේශීය ලේකම්
කොට්ටාශ සදහා තොරාගනු ලබන ප්‍රාදේශිය සංවිධායක,ප්‍රාදේශිය ලේකම්,ප්‍රාදේශිය භාණ්ඩාගාරික
යන අය ආදාල බල ප්‍රදේශයේ පරිපාලන සාමාජිකයින් ලෙස සැලකේ. පරිපාලන සාමාජික බලය
අනුපිලිවෙලින් මව් සංවිධාන පරිපාලන සාමාජිකයින්ට යටත්වූ බලයක් පළාත් පරිපාලන
සාමාජිකයින්ට ද, පලාත් පරිපාලන සාමාජිකයින්ට
යටත් වූ බලයක් දිස්ත්‍රික් පරිපාලන සාමාජිකයින්ටද,දිස්ත්‍රික්
පරිපාලන සාමාජිකයින්ට යටත් වූ බලයක් ප්‍රාදේශිය පරිපාලන සාමාජිකයින්ට ද හිමිවේ.
5.2.3 සාමාන්‍ය
සාමාජිකයින්(General Members)
සංවිධානයේ ව්‍යවස්ථාව පිළිගෙන සංවිධානයේ අරමුණු
ඉටුකර ගැනීම සදහා කුමන හෝ ආකාරයකින් සහාය වීමට එකගව සංවිධානයට බැදෙන වයස 21 වැඩි සෑම
අයෙත්ම සංවිධානයේ සාමාන්‍ය සාමාජිකයින් ලෙස සැලකේ.
5.2.4 ශිෂ්‍ය සාමාජිකයින්(Student Members)
අධ්‍යාපන
අරමුණු වෙනුවෙන් හෝ සත්භාවයෙන් වැඩිහිටි ප්‍රජාවගේ යහපත වෙනුවෙන් වයස 15-20 (වයස්
සීමා දෙකම ඇතුලත්ව) අතර දරු දැරියන්ට සංවිධානයේ සාමාජිකත්වය ලබාගත හැකි වේ. මෙම
පිරිස් ශිෂ්‍ය සාමාජිකයින් ලෙස සැලකේ. කෙසේ වුවද ශිෂ්‍ය සාමාජිකයින්ට ව්‍යවාස්ථාවේ
5 වගන්තියෙන් දැක්වෙන වයස සම්පූර්ණ
කරනතෙක් සාමාන්‍ය සාමාජිකත්වය හිමි නොවේ.
5.2.5
ගෞරවනීය සාමාජිකත්වය(Honorary members)
විවිධ ක්ෂේත්රවල විශේෂඥ දැනුම ලැබු
හා රට වෙනුවෙන් ගෞරවනීය සේවයක් කර වයස 60 ඉක්ම වූ හා තම ජීවිත කාලය තුල සාපරාධී
වරදකට අධිකරණයකින් වැරදිකරුවන් නොවු ජෙෂ්ඨ පුරවැසියන්ට සංවිධානයේ ගෞරවනීය
සාමාජිකත්වය පිරිනැමිය හැක. නමුත් එසේ සාමාජිකත්වය පිරිනැමීම සදහා මහ සභාවකදී අදාල
තැනැත්තාගේ නම යෝජනා කොට බහුතර ඡන්දයෙන් අනුමත විය යුතුය. ගෞරවනීය සාමාජිකයින්
සාමාජික ගාස්තුවලින් නිදහස් කෙරේ.
5.2.6 ස්වෙච්ඡා
සාමාජිකත්වය.(Volunteer Members)
සංවිධානයේ අරමුණු පිළිගන්නා හා එම
අරමුණ ඉටුකරගැනීම පිණිස කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව උපකාර කිරීමට ඉදිරිපත්වන ශ්‍රී
ලංකාවේ ඉපිද වෙනත් රටක ස්ථීරව පදිංචි හෝ වෙනත් රටක පුරවැසිභාවය ලත් අයට සංවිධානයේ ස්වෙච්ඡා
සාමාජිකත්වය ලබාගත හැකිය. එසේ ස්වෙච්ඡා සාමාජිකත්වය ලබා ගන්නා අයට සංවිධානයේ නිලතල
වලට පත්වීමට හෝ කිසිම කරුණක් සදහා ඡන්ද බලය පාවිච්චි කිරීමේ අයිතිවාසිකම් හිමි
නොවේ.
5.3 සංවිධානයේ සාමාජිකත්වය අත්හිටවීම සහ
අහෝසි කිරීම(Termination of the Membership)
සංවිධානයේ ව්‍යවස්ථාව උල්ලංඝනය
කිරීම හා සංවිධානයේ අරමුණු වලට හානිකර වන කුමන හෝ කටයුත්තක් හෝ කටයුතු කිරීම නැතහොත් එසේ කිරීමට යම් සාමාජිකයෙක් හෝ සාමාජිකයින් පෙලඹවීම විනය කඩකිරීමක් ලෙස සැලකේ.
5.3.1 ඉහත 5.3 වගන්තියෙන් දැක්වෙන වරදක් යම්
සාමාජිකයෙකු හෝ සාමාජිකයින් පිරිසක් විසින් සිදුකරනු ලබන බවට යම් පැමිණිල්ලක්
ලැබුණු විට සභාපතිවරයා විසින් තම අභිමතය පරිදි අධ්යක්ෂ මණ්ඩලයේ කිසියම් සාමාජිකයෙකු අදාල පැමිනිල්ල විමර්ශණය කිරීම පිණිස
පත්කල යුතුය. එම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයා
අදාල කරුණ පිලිබදව විමසා බලා දින 14 ඇතුලත වාර්තාවක් අධ්යක්ෂ මණ්ඩලයට ඉදිරිපත්
කලයුතුය.
5.3.2 ඉහත 5.3.1 වගන්තියෙන් දක්වන
වාර්තාව මගින් එකී සාමාජිකයා හෝ සාමාජිකයින් විනය කඩකිරීමක් කර ඇතිබව සනාථ කර
ඇත්නම් ඒ පිලිබදව නිදහසට කරුණු විමසා ලිඛිත විමසීමක් සභාපති විසින් අදාල සාමාජිකයා
හෝ සාමාජිකයින් වෙත වාර්තාව ලැබී දින 14 ක් ඇතුලත යොමුකල යුතුය.
5.3.3
ඉහත 5.3.2 ඡේදයෙන් දැක්වෙන ලිඛිත විමසීමට දින 14 තුල පිලිතුරු සැපයීමට අදාල සාමාජිකයා හෝ
සාමාජිකයින් කටයුතු නොකලහොත් හෝ සපයන ලද ලිඛිත පිළිතුරු දැක්වීම මගින් එකී වරද හෝ
වරදවල් යම් ක්‍රියාවක් සත්භාවයෙන් කිරීම නිසා පැන නැගුනක් නොවේ යයි සභාපතිවරයාට
ඒත්තු ගියහොත් වහාම අදාල සාමාජිකයාගේ හෝ සාමාජිකයින්ගේ සාමාජිකත්වය හා එම
සාමාජිකයා හෝ සාමාජිකයින් දරන ලද යම් තනතුරක් හෝ තනතුරු වේ නම් එම තනතුරේ හෝ
තනතුරුවල කටයුතු කිරීමද තාවකාලිකව අත්හිටවිය යුතුය.
5.3.4
ඉහත 5.3.3
ඡේදයෙන් දැක්වෙන පරිදි යම් සාමාජිකයෙකුගේ හෝ සාමාජිකයින්ගේ සාමාජිකත්වය හා තනතුරු අත්හිටුවා දින 07 තුල
සභාපති විසින් අධ්යක්ෂ මණ්ඩලයේ එක් සාමාජිකයෙකු හා වෙනත් සාමාජිකයින්
දෙදෙනෙකුගෙන් සමන්විත ත්‍රී පුද්ගල කමිටුවක් අදාල විනය කඩකිරීම පිලිබදව විධිමත්
පරීක්ෂණයක් සිදුකිරීම පිණිස පත්කල යුතුය.
5.3.5
ඉහත 5.3.4 පරිදි පත්කල කමිටුව ලිත් මසක් ඇතුලත තම
පරීක්ෂණයේ වාර්තා හා දඩුවම් නිර්දේශකොට
සභාපති වෙත වාර්තාවක් ඉදිරිපත් කලයුතුය. එකී වාර්තාව ලැබුනු විට සභාපති විසින් ආසන්නම අධ්යක්ෂ
මණ්ඩල රැස්වීමට එම වාර්තාව හා ඒ පිලිබදව
තම මතයද ලිඛිතව ඉදිරිපත් කලයුතුය.
5.3.6 ඉහත 5.3.5 දැක්වෙන නිර්දේශය හා
සභාපතිගේ කරුණු දැක්වීම විමසා බලා නිර්දේශිත දඩුවම ස්ථීර කිරීම හෝ
වෙනත් සුදුසු දඩුවමක් පැනවීම හෝ නිර්දේශිත දඩුවම අහෝසි කිරීම අධ්යක්ෂ මණ්ඩලයේ බහුතර කැමැත්ත මත සභාපතිවරයා
විසින් කලයුතුය.
5.3.7 ඉහත 5.3.4 වගන්තියේ දැක්වෙන කමිටු වාර්තාව
මගින් යම් චූදිතයෙකු හෝ චූදිතයින් නිවරදි
කරුබව දක්වා ඇත්නම් සභාපති වරයා විසින් එකී
චූදිතයා හෝ චූදිතයින් වහාම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල යුකුය.
5.4
සංවිධානයේ සාමාජික ගාස්තුව (Membership Fees)
සංවිධානයේ
සාමාජිකත්වය ලබා ගැනීමට ගාස්තුව වසරකට රුපියල් 500 කි. සාමාජිකත්වය අපේක්ෂා කරන සෑම අයෙක්ම ඒ සදහා විධිමත් අයදුම්
පතක් මගින් තම විස්තර වාර්ෂික සාමාජික මුදල සමග සංවිධානයට ඉදිරිපත් කල යුතුය. එමෙන්ම සෑම
සාමාජිකයෙක්ම සෑම වර්ෂයක් සදහාම රුපියල් පන්සියයක සාමාජික මුදල සංවිධානයට ගෙවා
සාමාජිකත්වය යාවත්කාලීන කරගත යුතුය. යම් සාමාජිකයෙක් වාර්ෂික සාමාජිකත්ව ගාස්තුව
නොගෙවා ඇති විටක එම අයගේ සාමාජිකත්වය අහෝසි වුවා සේ සැලකිය යුතුය..
5.4.1 යම් සාමාජිකයෙකුගේ සාමාජිකත්වය
අහොසි වූ විටක එම අයට ඒ පිලිබදව අභියාචනයක් මව් සංවිධානයේ සභාපති වෙත යොමුකල හැකිය.එසේ අභියාචනයක් ලැබුන
විට සභාපති විසින් එම අභියාචනය ආසන්නම අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකට ඉදිරිපත්කොට අධ්යක්ෂ මණ්ඩලයේ බහුතර මතය අනුව
ක්‍රියාකල යුතුය.
5.5
සාමාජිකයින්ට
හිමිවන ප්රතිලාභ(Benefits to the Member)
සංවිධානය පුද්ගලික ප්රතිලාභ වලට
වඩා සමාජ ප්රතිලාභ වැඩිහිටි ප්‍රජාවට උරුම කරදීමේ පුණ්‍ය චේතනාවෙන් ක්‍රියාත්මක
වේ. එසේ වුවද සංවිධානයේ සාමාජිකයින්ගේ සුබසාධනයට ආදාල වන නීති ආධාර, ආර්ථික ආධාර ,
වෛද්‍ය ආධාර, මානසික සහනය සදහා මග පෙන්වීම, සාමාජිකයින් සතු විශේෂ දැනුම හා කුසලතාවයන්
එලිදැක්වීමට උපකාර කිරීම, රැකියා කල හැකි සාමාජිකයින්ට රැකියා හෝ සවයං රැකියා සපයා
ගැනීමට උපකාර කිරීම, සහ සාමාජිකයින්ගේ දැනුම , අත්දැකීම් හා පලපුරුද්ධ සමාජ
සංවර්ධනයට යොදා ගැනීමට මගපෙන්වීම යනාදී ප්රතිලාභ
සුදුසු පරිදී ලබාදීමට කටයුකු කරනවා ඇත.
6.
සංවිධාන ව්‍යුහය(Structure of Organization)
සංවිධානය මව් සංවිධානය (මධ්‍යම
සංවිධානය) සහ එම මව් සංවිධානය යටතේ ක්‍රියාත්මක වන ශඛා සංවිධාන 09 ක් යටතේ ප්‍රධාන වශයෙන් ව්‍යුහ ගත කෙරේ.ඒ
අනුව සෑම පාලාත් ආණ්ඩු බල ප්‍රදේශයක් සදහාම පලාත් ශාඛා සංවිධානයක් වශයෙන් ශාඛා
සංවිධාන 9 පිහිටුවනවා ඇත. සෑම පලාත් සංවිධානයක් යටතේම එක් දිස්ත්‍රීක්කයකට එක්
දිස්ත්‍රික් සංවිධානයක් වශයෙන් උප ශාඛා සංවිධානය සථාපිත කෙරේ. එම උප ශඛා සංවිධාන .
දිස්ත්‍රික් සංවිධාන ලෙස හදුන්වනු ලැබේ. සෑම දිස්ත්‍රික් සංවිධානයක්ම තම දිස්ත්‍රික්කය තුල
ඇති සෑම ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයක්
සදහාම එක් ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශ සංවිධානය හෙවත් කුඩා ශාඛා සංවිධාන සථාපිත කෙරේ.තවද ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත්
පිරිසක් අදහන සෑම ආගමකින්ම එක් පුජ්‍ය පක්ෂ සාමාජිකයෙකු අයත් වන සේ අනුශාසක මණ්ඩලයක් හා විශ්‍රාමික
වෘත්තීය හා වෙනත් ක්ෂේත්‍ර විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් සංවිධානයට
උපදෙස් හා අනුශාසනා කිරීම පිනිස ස්ථාපිත කෙරේ...
6.1
මවි සංවිධානය හෙවත් මධ්‍ය සංවිධානය)Parent Organization)
සමස්ත ලංකාවේ සියලුම
සාමාජිකයින් ගෙන් සැදුම්ලත් සංවිධානය මව්
සංවිධානය හෙවත් මධ්‍යම සංවිධානය වේ. සියලුම පලාත් සංවිධානවල සාමාජික
නියෝජිතයින්ගේ වාර්ෂික මහ සභා රැස්වීමකදී තොරා පත් කරගනු ලබන සභාපති, ලේකම්,
භාණ්ඩාගාරික, ජාතික සංවිධායක, උප සභාපති උප ලේකම් යන තනතුරු වලින් මව් සංවිධානයේ
නිලධාරී මණ්ඩලය සමත්විත වේ.
6.2
ශාඛා සංවිධාන Branch Organization)
මෙහි පහත 6.2.1, 6.2.2 හා 6.2.3
වගන්ති වලින් දැක්වෙන පරිදී ශඛා සංවිධාන පිහිටුවනවා ඇත. එම ශාඛෘ
සංවිධාන සියල්ලම මව් සංවිධානයේ පාලනය හා මගපෙන්වීම යටතේ සංවිධානයේ අරමුණු සාක්ෂාත්
කරගැනීම සදහා ක්‍රියාත්මක වනවා ඇත. සෑම මට්ටමේ ශාඛා සංවිධානයකටම එම ශාඛා බල ප්‍රදේශ
වල සාමාජික චන්දයෙන් තොරා ගන්නා නිලධාරී මණ්ඩලයට අමතරව මව් සංවිධානය විසින්
සංවිධායක වරයෙකු බැගින් අදාල පුදේශයේම සාමාජිකයින් අතරින් පත්කෙරේ. එම සංවිධායකවරයා
මව් සංවිධානයත් අදාල ශඛා සංවිධානයත් අතර
ඉක්මන් සම්බන්ධීකරණය තුලින් සාමාජිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ක්ෂණික විසදුම්
ලබාදීමට සහාය වනවා ඇත.
6.2.1
ප්‍රධාන ශෘඛා සංවිධාන (Main Branches) පළාත් සංවිධාන
ශ්‍රී ලංකාවේ සෑම පළාත් අණ්ඩු බල ප්රදේශයකටම එකක් බැගින් යම් පළාත් ආණ්ඩු බල ප්‍රදෙශයක සියලුම සාමාජිකයින් ඇතුලත්ව සකස් කරනු ලබන ශාඛා සංවිධානය ප්‍රධාන ශාඛා සංවිධානයක් හෙවත් පළාත් සංවිධානයක්
ලෙස හැදින්වේ. පළාත් සංවිධානය පළාත් සභාපති , පළාත් ලේකම්, පළාත් භාණ්ඩාගාරික
, පළාත් උප සභාපති , පළත් උප ලේකම්, පළාත් සංවිධායක යන තනතුරු වලින් සමන්විත වේ. එම පළාතේ දිසත්‍රික්
සංවිධාන හා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ
සංවිධාන වල සාමාජික නියෝජිතයින්ගේ වාර්ෂික
මහ සභා රැස්වීමකදී නියෝජිත සාමාජිකයින්ගේ බහුතර චන්දයෙන් පළාත් සංවිධානය සදහා
නිලධාරීන් තොරා පත්කර ගැනේ..
6.2.2
උප ශාඛා සංවිධාන (Sub Branches) දිස්ත්‍රික් සංවිධාන
සෑම දිස්ත්රික්යකයටම එකක්
බැගින් යම් දිස්ත්‍රික්කයක සියදුම සාමාජිකයින් ඇතුලත්වන සේ සකස් කරනු ලබන ශාඛා
සංවිධානය උප ශාඛා සංවිධානයක් හෙවත් දිස්ත්‍රික් සංවිධානයක් ලෙස හැදින්වේ
සෑම දිස්ත්‍රික් සංවිධානයක්ම දිස්ත්‍රික් සභාපති, දිස්ත්‍රික්
ලේකම් දිස්ත්‍රික් උප සභාපති, දිස්ත්‍රික් උප ලේකම් හා දිස්ත්‍රික් සංවිධායක යන
තනතුරු වලින් සමන්විත වේ.මෙම තනතුරු සදහා අදාල දිස්ත්‍රික්කයේ සාමාජික නියෝජිතයින්ගේ වාර්ෂික මහ සභා
රැස්වීමකදී සාමාජික බහුතර කැමැත්තෙන් නිළධාරීන් තොරා ගනු ලබනවා ඇත. දිස්ත්‍රික්
සංවිධායක වරයා මධ්‍යම සංවිධානය (මව් සංවිධානය) සමග ඝෟජුව සමිබන්ධ වෙමින් ම්ව්
සංවිධානයත් දිස්ත්‍රික් සංවිධානයත් අතර ඉක්මන්
සම්බන්ධිකරන කටයුතු සිදුකරනවා ඇත.
6.2.3
කුඩා
ශාඛා සංවිධාන(Small Branches)-ප්‍රාදේශීය බල ප්‍රදේශ සංවිධාන
සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයක්
තුලම අදාල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධානයේ අධීක්ෂණය යටතේ කුඩා ශාඛා සංවිධාන හෙවත් ප්‍රාදේශීය බල ප්‍රදේශ
සංවිධාන බිහිකෙරේ. මෙම සංවිධානය ප්‍රාදේශීය සභාපති ප්‍රාදේශීය ලේකම්
භාණ්ඩාගාරික ප්‍රාදේශීය භාණ්ඩාගාරික ප්රාදේහී
සංවිධායක යන තනතුරු වලින් සමන්විත වේ. බිම් මට්ටමින් සංවිධානයේ කටයුතු සාමන්‍ය
ජනතාව අතරට ගෙනයාම, සාමාජිකයින් බදවා ගැනීම, ආධාර උපකාර ලැබිය යුතු සාමාජිකයින්
හදුනා ගැනීම යනාදී කාර්යයන් මෙම කුඩා ශාඛා සංවිධාන වල කාර්ය භාරය වේ. අදාල ප්‍රාදේශීය බල ප්‍රදේශය තුල සිටින සාමාජිකයින්ගේ
බහුතර චන්දයෙන් මෙම ශාඛා සංවිධාන සදහා නිළධාරීන් තෝරා ගැනේ..ප්‍රාදේශීය සංවිධායක තැන
මධ්‍යම සංවිධානය (මව් සංවිධානය) සමග ඝෟජුව සමිබන්ධවෙමින් වම් සංවිධානයත් ප්‍රාදේශිය
සංවිධානයත් අතර ඉක්මන් සම්බන්ධිකරන කටයුතු සිදුකරනවා ඇත.
6.2.4
නිලතල වලට තොරා ගැනීමේ විශේෂ කොන්දේසි( Special rules for Selection)
මව්
සංවිධානයේ හෝ කුමන ශාඛා සංවිධානයක කුමන
නිලයකට හෝ නිළධාරීන් තොරා ගැනීමේදී කුමන හෝ අධිකරණයකින් හෝ සාපරාධි වරදකට දඩුවම්
ලැබු අයෙක් හෝ කිසිම දේශපාලන පක්ෂයක හෝ දේශපාලන සංවිධානයක කුමන හෝ නිළයක් දරණ
අයෙක් තොරා නොගත යුතුය.එසේ තොරාගැනීමක සිදු වී ඇති විටක එම තනතුර අවලංගු වුවා සේ
සැලකිය යුතුය.(මෙය හුදෙක් සංවිධානය විවිධ
දේශපාලන මතිමතාන්තර වලින් නිදහස්ව පවත්වාගෙන යාම පිණිසත්, සංවිධානයේ සියලුම
නිලයන්ට අනිකුත් සාමාජිකයින්ගේ ගෞරවය හා පිලිගැනීම ඇතිවීම පිනිසත් අවශ්‍ය
කොන්දේසීයක් ලෙස සැලකේ)
6.3
සංවිධානය
තුල විශේෂ කණ්ඩායම් (Special groups)
සංවිධානය විශේෂ නිපුනතා ඇති
වැඩිහිටි පිරිස් ඒක රාශි කොට ඔවුන්ගේ සේවය වැඩිහිටි ප්‍රජාවගේ යහපතට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට
දායක කර ගැනීමට අවශ්‍ය කටයුතු ඉටුකරනවා ඇත. විශ්‍රාමික නීතීඥ ඒකකය, විශ්‍රෘමික
වෛද්‍ය ඒකකය, විශ්‍රාමික හමුදා නිළධාරී ඒකකය යනාදී වශයෙන් එක් එක් වෘත්තීන්ට ආදාලව
මෙම ඒකකයන් බිහිකෙරෙන අතර එම ඒකකයන් මව් සංවිධානයේ සෟජු මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක
කෙරේ.
7.
සංවිධානයේ පාලනය (Governing body of the
Organization)
සංවිධානයේ පාලනය අධ්යක්ෂ
මණ්ඩලයක් මගින් සිදුවේ. සංවිධානයේ මෙන්ම අධ්යක්ෂ මණ්ඩලයේ සහ පරිපාලනයේද ප්‍රධානියා මව් සංවිධානයේ සභාපතිවරයා වේ. මෙම
අධ්යක්ෂ මණ්ඩලය සංවිධානයේ පාලනය සම්බන්ධයෙන් සියලු වගකීම් දරනවා ඇත.
7.1
අධ්යක්ෂ මණ්ඩලය පත්කිරීම (Appointments of board of directors)
මව් සංවිධානයට නිළධාරීන් තෝරා
ගැනීමේ වාර්ෂික සාමාජික මහ සභා රැස්වීමේදී තොරා පත්කර ගනු ලැබූ ඉහත 6.1 හී දැක්වෙන
නිළධාරීන් එසේ තොරා ගැනීමෙන් පසුව සංවිධානයේ අධ්යක්ෂවරුන් වශයෙන්ද කටයුතු කරන බවට
එකී වාර්ෂික සාමාජික මහ සම්මේලනය ඉදිරියේ
දිව්රුම් දිය යුතුය. එසේ දිව්රුම් දීමෙන් පසු එම නිළධාරී මණ්ඩලය අධ්යක්ෂවරුන් ලෙස
තෝරාපත්කර ගත්තා සේ සැලකේ.
7.1.1
යම් සමාජිකයෙකු මව් සංවිධානයේ තනතුරක් සදහා තෝරාගත් පසු එකී තනතුරට
අදාල කටයුතු ඉටු කිරීම සදහා විෂය දැනුම හා පලපුරුද්ද හෝ කාලය එම තොරාගත් අයට නැති
විටක (උදාහරණ ලෙස භාණ්ඩාගාරික ලෙස තෝරාගත් අයට ගණකාධිකරණය හා මුල්‍ය කටයුතු පිලිබදව
ප්‍රමාණවත් දැනුමක් හා පලපුරුද්ධක් නැතිවිම) ඒ පිලිබදව මහ සභාවට දැනුම් දී අධ්‍යක්ෂවරයෙකු
ලෙස කටයුතු කිරීමට තමන්ගේ නියෝජිතයා වශයෙන් වෙනත් සාමාජිකයෙකු නම් කිරීමට එකී
තොරාගත් නිළධාරියාට හැකිය. නමුත් එසේ අධ්යක්ෂ වශයෙන් කටයුතු කිරීමට නම් කරන
තැනැත්තා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කරන සෑම කටයුත්තක් සම්බන්ධවම එකී අධ්යක්ෂ වරයා
පමණක් නොව ඔහුව නම්කල මව් සංගමයේ නිළධාරියාද වගකීමට බැදී සිටී.
7.2
අධ්යක්ෂවරුන් ඉවත් කිරීම(Removal of members of the
Director Board
යම් අධ්යක්ෂවරයෙක් බරපතල
අසනීපයකින් පෙලෙන බව දැනුම් දී ඇති විටක
හෝ රට හැරයාම නිසා හෝ තනතුරේ කටයුතු කිරීමට නෙහැකි බව දැනුම් දීම නිසා හෝ, ඉල්ලා
අස්වීමට ලිඛිත ඉල්ලීමක් කර ඇති විටක හෝ සංවිධානයේ ව්‍යවථාව උල්ලංගනය කර ඇති බව
ඹප්පු වී ඇති විටක හෝ වංචා දුෂණ සම්බන්ධව වරදකරු වු විට හෝ මියයාම නිසා හෝ අධ්යක්ෂ තනතුරෙන් ඉවත් වු වා සේ සැලකිය හැකිය.
7,2.1 ව්‍යවස්ථාවේ
7.2 පරිදි යම් අධ්‍යක්ෂවරයෙකු තනතුරෙන් ඉව්ත්
වූ විට එම තැනැත්තාගේ ඉතිරි නිලකාලය ආවරණය කිරීම පිනිස සාමාජිකයින් අතරින් සුදුසු
පුද්ගයෙකු පත්කරගැනීමට සභාපතිවරයාට බලය පවතී.
7.2.2 ව්‍යවස්ථාවේ 7.2 පරිදි තනතුරෙන් ඉවත් වූ තැනැත්තා සභාපති වරයා
වන අවස්ථාවක ලේකම්වරයා නිල වශයෙන්ම වැඩබලන
සභාපති වරයා ලෙස කටයුතු කලයුතුය.
.
7.3
අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් හා බලතල(Responsibilities & power of
Board of Directors)
සංවධානයේ අධ්‍යක්ෂවරුන්ගේ වගකීම්
හා බලතල මෙහි 7.3 පවගන්තියේ උප වගන්ති වලින් දැක්වෙන පරිදි විය යුතුය
7.3.1
සභාපතිගේ බලතල හා වගකීම්
අධ්යක්ෂ මණ්ඩලයේ
සභාපති වරයා සංවිධානයේ පරිපාලනය
සම්බන්ධයෙන් විධායක බලතල හිමි ඉහලම නිළධාරියා
වේ. අනිකුත් අධ්යක්ෂවරුන් ඇතුලු සියලුම නිලධාරීන් තම තමන්ට සංවිධානය පවරා ඇති
කටයුතු සම්බන්ධයෙන් සභාපතිට වගකිව යුතුය. විධිමත් නිරෝගී පරිපාලනයක් සංවිධානට
ලබාදීමේ වගකීමෙන් සභාපති වරයා බැදී සිටී. .පරිපාලනය සම්බන්ධයෙන් ඇතිවන කුමන
ගැටලුවකදී වුවද සංවිධානයට වගවීමේ යුතුකමින්ද සභාපතිවරයා බැදී සිටී. සංවිධානයේ
අරමුණු ඉටුකරගැනීම සදහා සමස්ථ සංවිධානයම මෙහෙය වීම හා අනිකුත් සියලුම නිළධාරීන්ගේ
සේවය නිසි පරිදී සංවිධානයට ලබාදීම සභාපතිවරයාගේ වගකීමක් ලෙස සැලකේ.
7.3.1.1 සභාපති තනතුර හිස්වීම
යම් අවස්ථාවක සභාපති තැන මියයාම
හෝ රට හැරයාම හෝ තනතුරේ කටයුතු කිරීමට නොහැකි ආකාරයෙන් රෝගීවීම නිසා හෝ තනතුරෙන් ඉල්ලා අස්වීම නිසා හෝ වෙනත් කරුණක්
නිසා හෝ සභාපති තනතුර හිස් වූ විටෙක ප්‍රධාන ලේකම්වරයා සභාපති තනතුරේ වැඩ ආවරණය
කිරීම පිණිස තාවකාලික සභාපති ලෙස ස්වයංක්‍රීයවම පත්වේ.
7.3.1.2 වැඩ බලන නිලධාරීන් පත්කරගැනීමට සභාපතිට ඇති
බලය
මව්
සංවිධානයේ හෝ අධ්යක්ෂ මණ්ඩලයේ හෝ ශාඛා
සංවිධානයක යම් තනකුරක් කුමන කරුණක් නිසා
හෝ හිස් වු විටක සාමාජිකයින් වැඩිදෙනෙකුගේ කැමැත්ත ඇතැයි සභාපති වරයාට හැගී
යන අයෙකු එම තනතුරට පත් කිරීමට සභාපතිවරයාට බලය ඇත. එම පත්කිරීම ඊලගට නිලධාරීන් තෝරා ගන්නා ආසන්නතම නියෝජිත රැස්වීම
පවත්වන තෙක්ම වලංගු වේ.
7.3.1.3 සභාපතිගේ නියෝග පිලිපැදිය යුතුබව
සංවිධානයේ සියලුම නිළධාරීන් සභාපතිවරයාගේ නීතියානුකූල
විධානයනට අනුගතවිය යුතුය. සභාපතිවරයාගේ නිතියානුකූල නියෝග පිලිපැදීම ප්‍රතික්ෂේප
කිරීම හෝ නොතකා සිටීම සංවිධානයේ ව්‍යවස්ථාව
කඩ කිරීමක් සේ සැලකේ.
7.3.1.4 විධායක අධ්යක්ෂ වරයෙකු
තෝරාගැනීමට සභාපතිට හිමි බලය
සංවිධානයට සෞඛ්‍ය සම්පන්න
පරිපාලනයක් ලබාදීමේ තම වගකීම නිසි පරිදී ඉටුකරීම පිණිස අධ්යක්ෂ මණ්ඩලයේ
වැඩිදෙනෙකුගේ කැමැත්ත. ඇතැයි තමන්ට හැගීයන අයෙකු විධායක අධ්යක්ෂ වශයෙන් අධ්යක්ෂ මණ්ඩලයේ
සාමාජිකයින් අතරින් තොරා ගැනීමට සභාපතිවරයාට හැකිය.
7.3.1.5 සභාපතිට හිමි නිශේධ බලය
අධ්යක්ෂ මණ්ඩලය හෝ ශාඛා
සංවිධානයක් බහුතර කැමැත්තෙන් යම් කරුණක් ක්‍රියාත්මක කිරීමට හෝ නොකිරීමට තීරණය කල
අවස්ථාවක එසේ ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සංවිධානයේ යහ පැවැත්මට හානිදායක
යයි සභාපතිට වැටහෙන්නේ නම් එවැනි කරුණක්
හෝ කරණු නිශේධ කිරීමේ බලය සභාපතිට හිමිවේ.
එවැනි නිශේධ කිරීමක් ඊළග වාර්ෂික සාමාජික නියෝජිත මහ සභාවේ මතය විමසන තෙක්ම වලංගුව
පවතී.
7.3.2
විධායක අධ්යක්ෂ(Executive Director)
සංවිධානයේ කටයුතු
නිසි පරිදී පරිපාලනය කොට පවත්වාගෙන යාම සදහා සභාපති වරයාට සහාය වීම විධායක අධ්‍යක්ෂගේ
මූලික කාර්යභාරය වේ. ශාඛා අතර සමිබන්ධීකරණය හා ශාඛා පරිපාලනය සදහා සභාපතිවරයාට
සහාය වීම විධායක අධ්‍යක්ෂගේ ප්‍රධාන වගකීමක් වේ.
7.3.3 සම්බන්ධීකරණ ලේකම්(Coordinating Secretary)
මව් සංවිධානයේ ලේකම් හෝ ජාතික සංවිධායක
යන තනතුරු වලට තෝරාපත්කරගෙන අධ්යක්ෂ
මණ්ඩලයට පත්වන නිලධාරීන් දෙදෙනාගෙන් ගෙන් එක් අයෙක් හෝ එම නිලධාරීන් දෙදෙනාම විසින් නම් කරනු ලබන වෙනත් සාමාජිකයෙක්
හෝ සභාපති විසින් සමිබන්ධිකරණ ලේකම් ලෙස පත්කල යුතුය. රජය හා
රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය ද ,විදේශ ආයතන හා විදේශ පුද්ගලයින් සමග සම්බන්ධීකරණයද නිසිලෙස පවත්වාගෙන යමින් ආයතනයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා සභාපති වරයාට සහාය වීම සම්බන්ධීකරණ ලේකම්
ගේ මූලික වගකීම වේ.
7.3.4 අධ්යක්ෂ( මුල්‍ය කටයුතු) Director(Finance)
මව් සංවිධානයේ භාණ්ඩාගාරික හෝ ඔහු විසින් නම් කරනු ලබන හා අධ්යක්ෂ
මණ්ඩලය එකගවන
වෙනත් සාමාජිකයෙක් මුල්‍ය කටයුතු
පිලිබද අධ්යක්ෂ වරයා ලෙස සභාපති විසින් පත්කල යුතුය. මෙම අධ්යක්ෂවරයා මව් සංවිධානයේ භාණ්ඩාගාරික
නොවන විටකදී මව් සංවිධානයේ භාණඩාගාරිකගේ මගපෙන්වීම හා සභාපතිගේ ඝජු අධික්ෂණය යටතේ ක්‍රියාත්මක
විය යුතුය. මුල්‍ය කටයුතු අධ්යක්ෂ වරයා සංවිධානය
කිරීමට සැලසුම් කරනු ව්යයාපෘතී වලට අවශ්‍ය මුදල් සපයා ගැනීම හා විනිවිද භාවයකින්
යුතුව මුදල් කලමනාකරණය සිදුකිරීම යනාදී වගකීම් ද සංවිධානයේ අය-වැය කලමණාකරණයද නිසි
පරිදි ඉටුකිරීමේ වගකීමෙන් බැදී සිටී..
7.3.5
අධ්යක්ෂ(නීති කටයුතු) Director(Legal)
මව් සංවිධානයේ නිලධාරියෙකු හෝ මව් සංවිධානයේ නිලධාරියෙකු විසින් නම් කරනු
ලබන හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්
බහුතරයක් පිලිගනු ලබන වෙනත් සාමාජිකයෙක් හෝ
නීති කටයුතු අධ්යක්ෂ වරයා ලෙස සභාපති විසින් පත්කල යුතුය. සංවිධානයට අවශ්‍ය නීති
උපදෙස් දීම, විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සමග එක්ව සාමාජිකයින්ට අවශ්‍ය
නීති ආධාර ලබාදීම. සංවිධානයේ සියලුම කටයුතු ශ්‍රී ලංකාවේ නීතියට එකගව කරගෙන යාමට අධ්යක්ෂ
මණ්ඩලයට මගපෙන්වීම. හා ආයතනය සැලසුම් කරනු ලබන ව්යාපෟතීන් හී නීතිමය තත්වය විමසා බලා අධ්යක්ෂ මණ්ඩලයට උපදෙස් දීම
හා සභාපති පවරනු ලබන සංවිධානයේ වෙනත් නීතිමය කටයුතු ඉටුකිරීම නීති කටයුතු අධ්යක්ෂ
තැනගේ වගකීම් වේ.
7.3.6 අධ්යක්ෂ (මහජන සම්බන්ධතා ) Director (People Relations)
සංවිධානයේ අධ්යක්ෂවරයෙතු හෝ
සංවිධානයේ අධ්යක්ෂ වරයෙකු විසින් නම් කරනු ලබන හා අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමත
කරනු ලබන වෙනත් සාමාජිකයෙක් අධ්යක්ෂ(මහජන සම්බන්ධතා හා සාමාජික සුබසාධන) ලෙස
සභාපති විසින් පත්කල යුතුය. සංවිධානයේ කටයුතු මහජනයාට දැනගැනීමට සුදුසු පරිදී
කටයුතු කිරීම මහජනයාගේ මුදල් හා වෙනත්
ආධාර සංවිධානයට ලබාගැනීමට කටයුතු කිරීම හා
සාමාජිකයින්ගේ සුබ සාධනයට අවශ්‍ය කටයුතු කිරීම පිලිබදව සොයා බලා අවශ්‍ය පියවර
ගැනීම, මහජනයා හා සාමාජිකයින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම යෝජනා හා පැමිනිලි පිලිබදව
ක්‍රියාත්මක වීම, සංවිධානය ක්‍රියාත්මක
කරන ව්‍යාපෘතීන් ගැන මහජනතාව හා සාමාජිකයින් දැනුවත් කිරීම හා සභාපති විසින් පවරන්
ලබන සංවිධානයේ වෙනත් කාර්යයන් ඉටු කිරීම මහජන සම්බන්ධතා හා සාමාජික සුබසාධන අධ්යක්ෂතැනට
නියමිත වගකීම් වේ.
7.3.7
අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෝ (Members of the board of
directors)
අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට වෙන්
වෙන් වශයෙක් කුමන වගකීම් මෙම ව්‍යවස්ථාව මගින් හා සභාපති වරයා විසින් පැවරුවද අධ්යක්ෂ
මණ්ඩල සාමාජිකයෝ වෙන් වෙන් වශයෙන් හා එක්ව සංවිධානයේ සමස්ථ අරමුණු ඉටුකිරීමේ
වගකීමෙන් බැදී සිටි. එමෙන්ම අධ්යක්ෂ මණ්ඩලයේ
තීරණ වලදී තම පුද්ගලික මතිමතාන්තර කුමක් වුවද ගනු ලබන තීරණ ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවගේ ද
සමස්ථ ශ්‍රී ලංකාවේද දියුණුව හා අභිවෘර්ධිය වෙනුවෙන් ගැනීමට තනි හා සමුහික වගකීමෙන් බැදී කටයුතු කිරීමට අධ්යක්ෂ
මණ්ඩල සාමාජිකයෝ බැදී සිටීති.
7.4
අධ්යක්ෂ මණඩලයේ නියෝජන බලය(Delegation powers of board of
directors)
සංවිධානයේ සාමාජික සාමාජිකාවන් තමන් නියෝජනය කිරිමටත්,
තමන් වෙනුවෙන් පෙනී සිටීමටත්, මව් සංවිධානයේ නිළධාරීන්ට පවරන ලද නියෝජිත බලය අධ්යක්ෂ
මණඩලය දරණ බැවින් කිසිම අධ්‍යක්ෂවරයෙකුට එම බලය වෙනත් අයෙකුට සම්පූර්ණයෙන් පැවරීමට
කිසිම අයිතියක් නැත. තමන් වෙත පවරා ඇති නියෝජිත බලය යම් අධ්යක්ෂ වරයෙකුට සම්පූර්ණයෙන්
අත්හැරිය හැක්කේ මෙම ව්‍යවස්ථාවේ 7.2 ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමෙන් පමණි.
7.4.1 නියෝජිත බලය තාවකාලිකව අත්හැරීම
යම්
අධ්යක්ෂ වරයෙකුට අසනීපය හෝ විදේශ ගත වීම හෝ වෙනත් පුද්ගලික කරුණක් නිසා හෝ
තාවකාලිකව තම නියෝජිත බලය අත්හැරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සදහා සභාපති වරයාට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත්කොට තමන් නියෝජිත බලය තාවකාලිකව අත්හරින කාලය සදහා
වැඩ ආවරණය කිරීමට විකල්ප ක්රමයක්ද යෝජනා කල යුතුය.මෙසේ ඉල්ලීමක් ලැබුණු විට සභාපතිවරයා එම ඉල්ලීම ආසන්නතම අධ්යක්ෂ මණඩල රැස්වීමට ඉදිරිපත් කොට අධ්යක්ෂ මණඩලයේ මතය විමසිය යුතුය. මෙහිදී වකාලිකව
නියෝජිත බලය අත්හැරීමට කරණ ඉල්ලා සිටීම පිලිගැනීමට අධ්යක්ෂ මණඩලය බැදී සිටින මුත්
වැඩ ආවරණය කිරීමට ඉදිරිපත් කරනු ලබන යෝජනාව පිලිගන්නේද යන්න ගැඹුරින් සලකා
බලා අධ්යක්ෂ මණ්ඩලයේ බහුතර ඡන්දයෙන්
අනුමත කල යුතුය.
7.4.2
නියෝජිත බලය අත්හැරි කාලයේ වැඩ ආවරණය කිරීම
ඉහත 7.4.1 පරිදි ලැබුනු
ඉල්ලීමක් පිලිගත් පසු එකී ඉල්ලීම්කරු එම කාලයේ වැඩ ආවරණය කිරීමට කරන ලද විකල්ප
යෝජනාව පිළිනොගන්නේ නම් ඒ සදහා වෙනත්
සුදුසු ක්‍රමයක් යෝජනා කොට අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කොට ක්‍රියාත්මක
කිරීමට සභාපති වරයා බැදී සිටී.
7.5
අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් (Meeting of The Board)
යහපත් පරිපාලනයක් පවත්වාගෙන යාම පිණිසත් පමාවකින්
තොරව අවශ්‍ය තීරණගැනීම පිණිසත් අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් නිරන්තරයෙන්ම සභාපතිගේ
මූලිකත්වයෙන් මාසිකව පැවැත්විය යුතුය.
කිසියම් විශේෂ හේතුවක් නිසා යම් අධ්යක්ෂ මණඩල රැස්වීමකට සභාපති වරයාට සහභාගී විය
නොහැකි බව දන්වා ඇති විටක විධායක අධ්‍යක්ෂගේ මූලිකත්වයෙන් අධ්යක්ෂ මණ්ඩල රැස්වීම
පැවැත්විය යුතුය.
7.5.1
සාමාන්‍ය අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් (Frequency of board meeting)
සෑම
මසකට එක් වරක් හෝ සාමාන්‍ය අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට
සභාපති
වරයා වග බලා ගත යුතුය.
7.5.1.1
ඉහත 7.5.1 ඡේදයට අතිරේකව
යම් විශේෂ කරුණක් හෝ කරණු සම්බන්ධයෙන් අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයක් අවශ්‍යයයි සභාපති වරයාට හැගීයන අවස්ථාවක හෝ අධ්යක්ෂ
මණ්ඩලයේ බහුතරය අත්සන් තබා ලිඛිත ඉල්ලීමක් කල අවස්ථාවක අතිරේක අධ්යක්ෂ මණ්ඩල
රැස්වීමක් කැදවීමට සභාපති වරයා බැදී සිටී.
7.5.2 අධ්යක්ෂ මණ්ඩල තීරණ(Decision Making At the Board
අධක්ෂ්‍ය
මණඩල තීරණ විධිමත්ව කැදවනු ලබන අධ්යක්ෂ මණඩල රැස්වීමදී ඒක
මතිකව
හෝ බහුතර ඡන්දයෙන් අනුමත වූ තීරණ විය යුතුය.
7.5.2.1 අධ්යක්ෂ මණඩල ඡන්ද විමසීම(Votes of Boarding of directors)
යම් කරුණක් සම්බන්දයෙන් අධ්යක්ෂ මණ්ඩලයේ මත
කීපයක් ඇතිවිටක අත ඔසවා තමන් එකගවන මතයට ඡන්දය
ලබාදෙන ලෙස සභාපති වරයා පැමින සිටින අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දිය යුතුය
.
7.5.2.2 ඉහත 7.5.2.1 උප වගන්තිය පරිදි ලබාගත් ඡන්දය
අනුව සමාන ඡන්ද
ප්‍රමාණයක්
මත දෙකකට හෝ කීපයකට ලැබී ඇත්නම් සභාපතිවරයා
තමන් එකගවන මතයට පක්ෂට තම ඡන්දය ලබා
දී බහුතර කැමැත්ත ඇති මතය තොරාගත යුතුය. එසේ නොවන අවස්ථාවල සභාපති වරයා තම මතය ප්‍රකාශ
කිරීමෙන් හා ඡන්දය භාවිතා කිරීමෙන්ද වැලකී
සිටිය යුතුය
7.5.2.3 ඉහත 7.5.2.2 පරිදි තෝරාගත් මතය අධ්යක්ෂ මණ්ඩලයේ
මතය ලෙස සෑම
අයෙක්ම පිලිගත යුතුය.
7.5.3 අධ්යක්ෂ මණ්ඩල රුස්වීම්
පැවැත්වීම (Conduct of Board Meeting)
අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකදී සංවිධානයේ ප්‍රධාන ලේකම් තනතුර හොබවන අධ්යක්ෂ
වරයා හෝ ඔහුව නියෝජනය කිරිමට පත් කරගත් අධ්යක්ෂවරයා අධ්යක්ෂ මණ්ඩලයේ ලේකම් ලෙස
කටයුතු කල යුතුය. කිසියම් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකට එකී අධ්යක්ෂ වරයා සහභාගී නොවන
අවස්ථාවක දී මව් සංවිධානයේ උප ලේකම් තනතුර දරණ අධ්යක්ෂවරයා හෝ
ඔහුව නියෝජනය කිරීමට පත් කරගත් අධ්යක්ෂවරයා අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ ලේකම් ලෙස කටයුතු කල යුතුය. අධ්යක්ෂ මණ්ඩල
රැස්වීමේ ලේකම් අධ්යක්ෂ මණ්ඩල රැස්වීම
පැවැත්වෙන අතරතුර සියලුම කරුණු ජීව සටහන් ගතකොට අධ්යක්ෂ මණ්ඩල රැස්වීම අවසානයේ එම
සටහන් පත්‍රයට රැස්වීමට සහභාගී වූ සියලුම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ අත්සන ලබාගත යුතුය.
7.5.3.1 යම් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක
සංවිධානයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන අධ්යක්ෂවරයා හා සංවිධානයේ උප ලේකම් ලෙස
කටයුතු කරන අධ්යක්ෂවරයා යන දෙදෙනාම හෝ ඔවුන් නියෝජනය කිරීමට පත්ව ඇති අධ්යක්ෂ
වරුන් සහභාගී වී නැති විටක එම අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ සභාපතිවරයා විසින් එම අධ්යක්ෂ
මණ්ඩල රැස්වීමේ ලේකම් වරයා ලෙස වෙනත් අධ්‍යක්ෂවරයෙකු
තාවකාලික අධ්යක්ෂ මණ්ඩල ලේකම් ලෙස තෝරාගෙන අධ්යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්විය
යුතුය
7.5.4 අධ්යක්ෂ මණ්ඩල වාර්තා (Minutes of the Board Meeting)
අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක්
පැවැත්වූ පසු ජීව සටහන ඇසුරින් එම අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ වාර්තාව එම අධ්යක්ෂ
මණ්ඩල රැස්වීමේ ලේකම්වරයා විසින් පිටපත් දෙකක් සහිතව සකස් කොට අදාල අධ්යක්ෂ මණ්ඩල
රැස්වීමේ ජීව සටහන ද අමුනා තම අත්සන තබා සභාපති වරයා වෙත බාරදිය යුතුය. එම වාර්තාවට සභාපතිවරයා අත්සන්
තබා ජීව සටහනේ මුල් පිටපත සහිත වාර්තාව සංවිධානයේ ලේකම්වරයාට භාරදිය යුතුය.අනෙක්
පිටපත තමා භාරයේ තබාගත යුතුය. එමෙන්ම අධ්යක්ෂ මණ්ඩල වාර්තාවේ පිටපත බැගින් ඊලග
අධ්යක්ෂ මණඩල රැස්වීමට පෙර සෑම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුටම ලබාදිය යුතුය.
8
අනුශාශක මණ්ඩලය(Advisory Council)
සංවිධානයේ කටයුතු වලට උපදෙස් හා
මග පෙන්වීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත්
පිරිසක් අදහන සෑම ආගමකින්ම එක් ආගමකින් එක් අයෙක් බැගින් අයත්වන සේ අනුශාශක මණ්ඩලයක් පත්කෙරේ. ඒ අනුව බෞද්ධාගමින්,
ක්‍රිස්තියානි ආගමින් ,හින්දු ආගමින් හා මුස්ලිම් ආගමින් පුජ්‍ය පක්ෂයේ
නියෝජිතයින් හතර දෙනෙකු මෙම අනුශාසක මණ්ඩලයට අයත්වේ. සංවිධානය ක්‍රියත්මක කිරීමට
සැලසුම් කරනු ලබන විවිධ ව්‍යයාපෘති මෙම
අනුශාසක මණ්ඩලට ඉදිරිපත් කොට එම මණ්ඩලයේ උපදෙස් හා අනුශාසනය ලබාගත යුතුය.
9
සංවිධානයේ නිළධාරී මණ්ඩලය හා තනතුරු (Officers and Post of the
Organization)
සංවිධානයේ අරමුණු හා පරිපාලනය ඉටුකර ගැනිම සදහා අවශ්‍ය තනතුරු ඇති කිරිමට හා
ඒ සදහා අවශ්‍ය නිළධාරීන් බදවා ගැනීමට අධ්යක්ෂ
මණ්ඩලයට බලය පැවරේ.
9.1
වැටුප් හා වෙනත් දීමනා(Payments of Salaries and Other
Payments)
සංවිධානය ලාබ නොලබන
පුණ්‍ය සංවිධානයක් බැවින් සංවිධානයේ කිසිම සාමාජිකයෙකුට තමන් කරන කාර්යන් වෙනුවෙන්
වැටුප් හිමි නොවේ.නමුත් සංවිධානයේ තනතුරක් දරණ හා පුර්ණකාලීනව වැඩකරන සැම සාමාජිකයෙකකුටම මාසික දීමනාවත් ලබාදීමට
සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයට බලතල හිමිවේ. සංවිධානයේ මුදල් තත්වය අනුව අවශ්‍යයයි
අධ්යක්ෂ මණ්ඩලයට හැගීයන අයට කරනු ලබන
කාර්යට අනුව යම් දීමනාවක් ලබාදීමටද අධ්යක්ෂ මණ්ඩලයට කටයුතු කල හැකිය. එසේ වුවද එම
දීමනා ශ්‍රී ලංකාවේ අර්ධ රාජ්‍ය සේවයේ ඒ ඒ සමාන්තර තනතුරක වැටුප් මට්ටම අභිබවා ලබා
නොදිය යුතුය.
9.2
ඉහත 9.1 උපවගන්තියේ දැක්වෙන කොන්දේසි
අධ්යක්ෂ මණ්ඩලය මගින් ඉහත අංක 9 වගන්තිය පරිදි තනතුරු ඇතිකොට ඒ සදහා බදවා ගනු ලබන
කාර්ය මණ්ඩලයට ආදාල නොවේ. එම සේවක පිරිසට ශ්‍රී ලංකාවේ නීතියට අනුව අර්ධරාජ්‍ය
අංශයේ සමාන්තර ශේනි සදහා ගෙවනු ලබන
වැටුප් දීමනා හා වෙනත් පහසුකම් අදාල කරගත යුතුය.
10-. සංවිධානයේ
මුදල්,වත්කම් හා ගණුදෙනු (funds, other assets, Finance and other Transactions)
සංවිධානයේ අරමුණු ඉටු කරගැනීම සදහා ශ්‍රි ලංකා රජය හා රාජ්‍ය ආයතන , මහජනතාව
,සාමාජිකයින් , විදේශගත ශ්‍රී ලාංකිකයින් දේශිය හා විදේශ සංවිධාන සිය කැමැත්තෙන් දෙනු ලබන මුදල් ආධාර, වෙනත් ආධාර
හා වත්කම් ශ්‍රි ලංකාවේ නීතියට අනුකූලව
ලබා ගන්නවා ඇත. සංවිධානයේ අරමුණු ඉටු කර ගැනීම සදහා සංවිධානයේ නමින් අවශ්‍ය
ඉඩම්කඩම් ගොඩනැගිලි යාන වාහන හා වෙනත් සම්පත් මිලදී ගැනීමට හා ප්‍රදානයන් වශයෙන්
ලබා ගැනීමටද දරා සිටීමටද සංවිධානයට බලතල
හිමිවේ. යම් දේපලක් සංවිධානයට තවදුරටත් අවශ්‍යය නොවේ යයි හැගී ගිය විටක එම දේපල
විධිමත් අයුරින් විකුණා ලැබූ මුදල
සංවිධානය නමින් ඇති බැංකු ගිණුමක තැන්පත් කල යුතුය.
10.1 මුදල් හා වෙනත් වත්කම් (Raising funds and assets)
ඉහත 10 ඡේදයේ දැක්වන පරිදි ඒ ඒ අංශවලින් ලැබෙන මුදල් හා වෙනත් ප්‍රදානයන්
හා එම මුදල් හා ප්‍රදානයන් භාවිතා කර
ලබාගනු ලබන වෙනත් දේපල හා වත්කම් වලට
සංවිධානය හිමිකම් දරණවා ඇත.
10.2 අරමුදල්
හා වත්කම් (Utilization of the funds and assets)
ඉහත 10 වගන්තියේ දැක්වෙන ආකාරයෙන්
සංවිධානයට ලැබෙන මුදල් හා
වත්කම් සෑම විටම සංවිධානයේ පාලනය හා මෙම ව්‍යස්ථාවේ
දැක්වෙන පරමාර්ථ ඉටු කරගැනීම සදහා පමණක්
භාවිතා කලයුතුය.
10.3 සංවිධානයේ බැංකු ගිණුම් (Bank accounts)
සංවිධානයට ලැබෙන සියලුම මුදල් සංවිධානයේ නමින් ශ්‍රී
ලංකාවේ පිලිගත් බැංකුවක පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කල යුතුය. අවශ්‍යතාවයන්ට අනුව
ගිණුම් කීපයක් වුවද එකම බැංකුවේ හෝ බැංකු කීපයක වුවද සංවිධානයේ නමින් පවත්වාගෙන යාමට හැකිය.
10.4 සංවිධානයේ ගිණුමින් මුදල් ආපසු
ගැනීම
(Cash Withdrawal from the Bank
Accounts)
බැංකුගත කරන ලද මුදලින් රුපියල් දස
දහසක් හෝ ඊට අඩු මුදලක් සභාපතිගේ අත්සන
මගින් ඉල්ලීම සහතික කොට ආපසු ලබා ගත හැකිය. රුපියල් දස දහසකට වැඩි මුදලක් ඉල්ලා සිටින සැම විටම සංවිධානයේ
සභාපති සහ ලේකම් හෝ සභාපති සහ භාණ්ඩාගාරික යන නිලධාරීන්
දෙදෙනකුගේ අත්සන් මගින් ඉල්ලීම
සහතික කොට ආපසු ලබාගත යුතුය.
10.5 සංවිධානය නමින් රිසිට් පත් නිකුත් කිරීම (Acknowledgment of receipts)
සංවිධානයට ලැබෙන සියලුම
මුදල් සදහා ඒ ඒ මුදලට රිසිට් පත් නිකුත්
කල යුතුය. එම රිසිට් පතෙහි මුදල් දුන්
අයගේ නම , මුදල දුන් කාරණය, මුදල් පුමාණය (අකුරින්
සහ ඉලක්කමෙන්), මුදල දුන් දිනය
හා රිසිට් පතේ අංකය පැහැදිලිව තිබිය යුතුය. තවද මුදල ලබාගත් නිළධාරියාගේ
අත්සන සහ නිල මුද්‍රාව සෑම රිසිට් පතකම
ඇතුලත් විය යුතුය.
10.6 සංවිධානය නමින් ණය ලබා ගැනීම. (Loans Obtain by Organization)
සංවිධානය පුණ්‍ය
ආයතනයක් හා මුදල් ලාබ නොලබන ආයතනයක් බැවින්
සංවිධානය නමින් ණය ලබා ගැනීමේදී එම ලබාගන්නා ණය මුදල ආපසු ගෙවීමට සංවිධානයට
ඇති ශක්තිය පිලිබදව අධ්යක්ෂ මණ්ඩලය වගකීම සාමුහිකව හා පුද්ගලිකව දැරිය යුතුය.යම්
කටයුත්තක් සදහා යම් ණයක් ලබාගත් විටක එම
ණය ගෙවා දැමීමේ සදාචාරාත්මක යුතුකම හැර එම ණය සම්බන්ධයෙන් නීතිමය වගකිමක් සංවිධානය නොදැරිය යුතුය.
10.7 සංවිධානයේ
ගණුදෙනු ,ගිණුම් කටයුතු හා විගණනනය
සංවිධානයේ සියලුම ගණදෙනු,ගිණුම්
කටයුතු විගණනය, අධ්යක්ෂ වරුන්ගේ බලතල හා අයිතිවාසිකම්,සාමාජික විස්තර , ව්‍යාපෘතී
යනාදිය පරිගණත ගත තොරතුරු පද්ධතියක් මගින් විධිමත්ව ලේඛනගත කොට පවත්වාගෙන යා යුතුය.මුල්‍ය
අධ්යක්ෂ. හෝ ඔහු හා ඔහු යටතේ ක්‍රියාත්මක
වන මූල්‍ය හා ගණක කටයුතු පිලිබදව කාර්ය මණ්ඩලක් මගින් මෙම කාර්යයන් නිසිලෙස පවත්වාගෙන යා යුතුය.
14
10.7.1 ගණුදෙණු පිලිබද මාසික
වාර්තාව
(Monthly Budget report)
සෑම ලිත් මසකම 15 දිනට පෙර ගෙවීගිය ආසන්නම ලිත් මාසයේ ආදයම් හා වියදම්
පිලිබදව සංෂිප්ත වාර්තාවක් මුල්‍ය අධ්යක්ෂ වරයා විසින් සභාපති වෙත ඉදිරිපත්
කලයුතුය. සභාපති වරයා එම වාර්තාව පරීක්ෂා කර බලා දෝෂයක් නැති බවට සැහීමට පත්වන්නේ
නම් ආසන්නම අධ්යක්ෂ මණ්ඩලයට අනුමැතිය සදහා ඉදිරිපත් කල යුතුය .
10.7.2 ගණුදෙණු පිලිබද මාසික වාර්තාවේ දෝෂ
Errors in
Monthly Budget report)
තමන් වෙත ඉදිරිපත් කල මාසික
වාර්තාවේ යම් දෝෂයක් ඇති බව සභාපති වරයාට පෙනීගිය විට ඒ පිලිබදව සටහන් තබා නැවත
නිවැරදි කර ඉදිරිපත් කරනලෙස දන්වා මුල්‍ය අධ්යක්ෂ වෙත දින 03 තුල හරවා යැවිය
යුතුය. එසේ හරවා එවන ලද මාසික වාර්තාවක් මුල්‍ය අධ්‍යක් විසින් නිවැරදි කර ආසන්නම අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කල යුතුය. අධ්යක්ෂ මණඩලය එම
වාර්තාව නිවැරදිව ඇත්නම් අනුමත කල යුතුය.
10.7.3 මාසික ආදායම් වියදම් වාර්තාව ප්‍රසිද්ධ කිරිම
(Public the Monthly Report)
අධ්යක්ෂ මණ්ඩලය අනුමත කල මාසික වාර්තාව එසේ අනුමත කර දින 07
තුල සාමාජිකයින්ගේ හා වෙනත් උනනදුවක් දක්වන අයගේ දැනගැනීම සදහා මුල්‍ය අධ්යක්ෂ
විසින් අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කල යුතුය.
10.7.4 ගිණුම් විගණන
කටයුතු
සංවිධානයේ ගිනුම් විගණනය වසරකට
වරක් වරලත් ගණකාධිකාරීවරයකු ලවා සිදුකරවා ගත යුතුය.විගණනය සිදුකල ගණකාධිවරයා
ලබාදෙන විගණන වාර්තාවේ පිටපත් සභාපති වරයා
විසින් ජාතික රාජ්‍ය නොවන සංවිධාන කාර්යංශයේ අධ්යක්ෂ සහ ජාතික වැඩිහිටි ලේකම්
කාර්යශයේ අධ්යක්ෂ යන රජයේ නිලධාරීන් වෙත අනිවාර්යෙන්ම යැවිය යුතුය.කවද රජයේ මනෑම ආයතනයක් විසින් පරීක්ෂා
කිරීම පිණිස ඉල්ලා සිටි විටක එහි පිටපතක් ලබාදීමට ද සභාපති වරයා කටයුතු කල යුතුය.තවද
සාමාජිකයින්ගේ හා වෙනත් උනන්දුවක් දක්වන අයගේ දැනගැනීම සදහා පිටපතක් අන්තර්ජාලයේද
ප්‍රසිද්ධ කල යුතුය.
11. සංවිධානයේ වාර්ෂික මහ සභා රැස්වීම (Meeting of the Organization)
සංවිධානය සමස්ත ශ්‍රී ලංකාව පුරාම
පැතිරුන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන බැවින් සාමාජික මහ සභාවක් කැදවීමේ අපහසුව සලකා
ඒ වෙනුවට සාමාජික නියෝජිත මහ සභා
රුස්වීම් පැවැත්විය යුතුය.
11.1 වාර්ෂික මහ සභාව
සංවිධානයට වාර්ෂිකව නව
නිලධාරී මණ්ඩලයක් තොරා ගැනීම සදහාත් ගෙවුන
ආසන්නම වසරේ වැඩවල ප්‍රගතිය පිලිබදව හා
ඉදිරි වසරේ කටයුතු සදහා යෝජනා සථීර කරගැනීම සදහාත් සංවිධානය වසරකට
වරක් වාර්ෂික නියෝජිත මහ සභාවක් පැවැත්විය
යුතුය.
11.1.1 වාර්ෂික මහ සභාවට නියෝජිතයින් තොරා ගැනීම
(Select members for general annual meeting)
ප්රදේහීය ලේකම් බල ප්‍රදේශ
ශාඛා සංවිධාන වල සාමාජික සභා රැස්වීම් කැදවා
සාමාජික කැමැත්තෙන් නියෝජිතයින් තුන් දෙනෙකු තොරා නියෝජිත මහ සභාව නියෝජනය කිරීම සදහා නම්කර එවීමට
සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සංවිධායක වරයෙක්ම කටයුතු කල යුතුය. තවද සෑම
පරිපාලන සාමාජිකයෙතුටම වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සදහා අවසරය හිමිවේ.
11.1.2 නියෝජිත මහ සභාවක් රැස්වන බව දැනුම් දීම
(Publicizing general annual meeting of members)
නියෝජිත මහ සභාවක් කැදවන
විටක එසේ කැදවන දිනට ලිත්. මසකට පෙර ගරු ප්‍රධාන ලේකම් විසින් ඒ බව සෑම
සාමාජිකයෙකුගේ දැන ගැනීම පිණිස ජාතික
පුවත් පතක දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කල යුතුය. මෙම දැන්වීමෙහි අනිවාර්යෙන්ම මහ සභාව පවත්වන බව, පවත්වන ස්ථානය, දිනය හා
වේලාව දක්වා තිබිය යුතුය’
11.1.3 නියොජිත
මහ සභවේ ගණපූරණය
ඉහත 11.1.1 වගන්තියේ පරිදි
නම් කර එවා ඇති සාමාජිකයින්ගෙන්
(පරිපාලන සමාජිකයින්ද ඇතුලුව ) අවම වශයෙන් 50% ක් වත් නියෝජිත මහ සභාවට පැමින
ඇත්නම් පමණක් නියෝජිත සභාව පැවැත්විය
යුතුය එසේ නොවෙන විටක සභාව වෙනත් දිනකට කල්තබා නැවත ඉහත 11.1,1, 11.1.2,11.1.3
වගන්ති පරිදි නැවත ක්‍රියා කල යුතුය.
11.2 විශේෂ මහ සභා රැස්වීම් (Special general meeting)
සංවිධානයේ සාමාජිකයින්
ගෙන් 50% අත්සන් තබා ලිඛිත ඉල්ලීමක් කර ඇති විටක හෝ විශේෂ ඉතා වැදගත් කරුණක් සම්බන්ධයෙන් තීරණය කිරීම පිනිස මහ සභාවක් කැදවා මතය විමසිය
යුතුයයි සංවිධානයේ නිළධාරී මණ්ඩලය ඒක මතිකව තීරණය කල විට මහ සභාවත් කැදවීමට සභාපති
පියවර ගත යුතුය. මෙම විශේෂ නියෝජිත මහ සභා රස්වීම කැවීමටද 11.1.1 , 11.1.2, 11.1.3
අදාල කරගත යුතුය.
12. සංවිධානය හා ව්‍යවස්ථාව ලියා
පදිංවි කිරීම හා පාලනය පිලිබද නියමයන්
(Registration of the organization
and regulation of the organization)
සංවිධානය ආරක්ෂක අමාත්‍යංශයේ ජාතික
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාංශයේ ප්‍රතමයෙන් ලියාපදිංචි කල යුතුය. ඉන් පසු අවශ්‍ය විටකදී පමණක් වෙනත් රාජ්‍ය ආයතන
තුල ද ලියාපදිංචි කල යුතුය.
12.2 සංවිධානය ශ්‍රී ලංකා රජය
පනවා ඇති හා අනාගතයේ පනවනු ලබන නීතී
රීතීන්ට යටත්ව හා එම නීතී රීතීන් උල්ලංඝණය නොවන අයුරින් පවත්වාගෙන යා යුතුය. එමෙන්ම ශ්‍රීලංකා රජයේ නීතීරීති
වලට අනුතූලව හා එම නීතීන් උල්ලංඝනය නොවන පරිදි රාජ්‍ය නොවන සංවිධාන හා නියෝජිත
ආයතන සමග අවශ්‍ය විටක එකගතාවන්ට ගිවිසුම් වලට බැදීමටද සංවිධානය කටයුතු කල හැකිය.
13.
ව්‍යවස්ථාව වෙනස් කිරීම හා සංශෝධනය කිරීම
(Amendments to constitution &
regulations)
මෙම ව්‍යවස්ථාව සම්පූණයෙන් වෙනස්
කිරීම සදහා හෝ මෙම ව්‍යවස්ථාවෙන් යම් ජෙදයක් ඉවත් කිරීම සදහා හෝ ව්‍යවස්ථාවට නව වගන්තියක් සථීරව එක් කිරීම
සදහා හෝ සංවිධානයේ නියෝජිත මහ සභා රැස්වීමක දී යෝජනා කොට එම යෝජනාව බහුතර ඡන්දයෙන්
සම්මත කරගත යුතුය.
13.1 මෙම ව්‍යවස්ථාවේ දැක්වෙන යම්
වගන්තියකින් හෝ උප වගන්තියකින්
කියවෙන යම් කරුණක් හෝ කරුනු ඉටු කිරීම සදහා ප්‍රමාණවත් විධි වීධාන ව්‍යවස්ථාවේ
සදහන් නොවේ යයි අධ්යක්ෂ මණඩලයට පෙනී ගිය විටක එම වගන්තියට හෝ උපවගන්තියට හානි
නොවන පරිදී අතිරේක උපවගන්ති තාවකාලිකව එක්
කොට භාවිතා කිරීමට අධ්යක්ෂ මණ්ඩලයට ප්‍රවර්ධන කාලය තුල පමණක් බලය හිමිවේ. එවැනි
විටෙක වුවද එසේ භාවිතා කරණු ලබන උපවගන්ති අධ්යක්ෂ මණ්ඩලයේ බහුතර ඡන්දයෙන් අනුමත
විය යුතුය. එවැනි අවස්ථාවක එසේ එක් කොට භාවිතා කල උපවගන්ති හෝ උපවගන්තිය ව්‍යවස්ථාවේම
කොටසක් ලෙස ඊලග සාමාජික මහ සභා රැස්වීම දක්වාම සැලකිය යුතුය..
13.1.1 ව්‍යවස්ථාවේ 13.1 වගන්තියෙන්
කියවෙන පරිදී අතිරේක උපවගන්තියක් හෝ උපවගන්ති භාවිතයට ගත් විටක ඊලග ආසන්නම සාමාජික නියෝජිත
මහ සභා රැස්වීමේ දී එම උපවගන්තිය හෝ
උපවගන්ති සාමාජිකයින්ගේ බහුතර ඡන්ද යෙන් අනුමත කර
ඒවා ව්යථාවස්ථාට සථීරවම ඇතුලත් කර ගත යුතුය.
13.1.2 මෙම ව්‍යවස්ථාවේ 11.2 වගන්තියෙන්
කියවෙන යම් උපවගන්තියක් හෝ උප වගන්ති
පාලන මණඩලය භාවිතා කිරීමෙන් පසුව පවත්වන ආසන්නම සාමාජික නියෝජිත මහ සභා රැස්වීමේදී
එම වගන්ති බහුතර චන්දයෙන් අනුමත නොවුන විටක එම උපවගන්තිය හෝ උපවගන්ති අනුව එතෙක් කල කටයුතු අවලංගු නොවන නමුත් ඉන් ඉදිරියට
එම උපවගන්ති හෝ උපවගන්තිය අනුව කටයුතු කිරීම තවදුරටත් නොකල යුතුය..
13.2 ව්‍යවස්ථාව වෙනස් කිරීම පිලිබද විශේෂ නියමයන්(Regulations)
සංවිධානයේ
නිදහස්බව හා ස්වාදීනත්වය සහතික වීමට අවශ්‍ය බැවින් නිර්පාක්ෂික භාවයට හානිවන
කිසිම වගන්තියක් කුමන හේතුවක් නිසාවත් ව්‍යවස්ථාවට
ඇතුලත් නොකල යුතුය.
14. ආරවුල්
හා ආරවුල් විසදීම (Disputes & Arbitration)
සංවිධානය අභ්‍යන්තර හෝ බාහිර
පාර්ශවයක් සමග කුමනාකරයේ හෝ ආරවුල් ඇති වූ විට එම ආරවුල් සාකච්ඡාවෙන් හා සම්මන්ත්රයෙන්
විසදා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය. එසේ නොහැකි අවස්ථාවලදී එම ආරවුල්
මතුවූ පුදේශයට අයත් සමථ මුල මණ්ඩලය වෙත පැමිණිලි කොට ආරවුල සමථය කර ගැනීමට උක්සාහ
දැරිය යුතුය. එම උත්සාහයද ආසාර්ථක වු විටක ශ්‍රී ලංකාවේ අධිකරණයක් හෝ අධිකරණ බලය
ඇති ආයතනයකට අදාල ආරවුල යොමුකොට විසදා
ගතයුතුය.
15. සංවිධානය විසුරුවා ගැරීම (Dissolution of the Organization)
සංවිධානය තවදුරටත් පවත්වාගෙන යා
නොහැකි ආකාරයේ අර්බුදයක් ඇතිවී තිබෙන බව මව්
සංවිධානයේ නිලධාරීන්ට හැගීගිය විටක හෝ තවදුරටත් සංවිධානය පවත්වාගෙන යාම
අවශ්‍යය නොවේ යයි මව් සංවිධානයේ නිළධාරී මණ්ඩලයට ඒත්තු ගිය විටක හෝ සංවිධානයේ
පරමාර්ථ මුදුන්පත් වී ඇතැයි හැගී ගිය විටකහෝ සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලය ඒ පිලිබදව බහුතර
චන්දයෙන් යෝජනා සම්මත කොට මහ සභා රැස්වීමක් කැදවන ලෙස සභාපති වරයාට දැන්විය යුතුය.
සභාපති වරයා එසේ ඉල්ලීමක් ලැබී දින 14 ක් තුල සංවිධානයේ ලේකම් වරයාට විශේෂ මහ
සභාවක් කැදවන ලෙද දැනුමි දිය යුතුය.එසේ ඉල්ලීමක් ලැබී දින 30 ක් තුල මහ සභාවක්
කැදවීමට ලේකම් වරයා කටයුතු කල යුතුය. එසේ කැදවන ලබන මහ සභා රැස්වීමකදී බහුතර
චන්දයෙන් සංවිධානය විසුරුවා ගැරීමේ යෝජනාව අනුමත වුවහොත් සංවිධානය විසුරුවා හැරීමට
අවශ්‍ය කටයුතු සභාපති වරයා විසින්
ගතයුතුය. මෙහිදී පලමුව ප්‍රසිද්ධ පුවත්පතක දැන්වීමක් මගින් සංවිධානය විසුරුවා
හරින බව පලමුව ප්‍රසිද්ධ කල යුතුය.
15.2 විසුරුවා හැරීමට
නියමත සංවිධානයේ වත්කම් පැවරීම
සංවිධානය
එතෙක් පවත්වාගෙන යාම හේතුකොට යම් පාර්ශවයකට යම් බැරකමක් වී ඇත්නම් විසුරුවා හැරීමට
පෙර එම වගකීම් වලින් නිදහස් වීමට අවශ්‍ය පියවර සභාපතිවරයා පලමුව ඉටුකල යුතුය. එසේ
බැරකම් වලින් නිදහස් වූ පසු යම් වත්කමක් සංවිධානය සතුව ඇත්නම් ඒ සියලුම වත්කම් සංවිධානයේ
අරමුණු වෙනුවෙන් පවත්වාගෙන යන රාජ්‍ය හෝ වෙනත් පිලිගත් ආයතනයක් වෙත පවරා දිය
යුතුය. සංවිධානය සතු දේපල කිසිවක් සංවිධානයේ කිසිම සාමාජිකයෙකුට හෝ සාමාජිකයින්
පිරිසකට හෝ කුමන හේතුවක් නිසාවත් පුද්ගලික හෝ සමුහික අයිතියට පවරා දීම නොකල යුතුය.
නිමි
2013 වසරේ
නිර්දේශපාලනික නිදහස් මතධාරී වැඩිහිටි
සංවිධානයක අවශ්යාතාවය පිලිබඳව
වැඩිහිටි පිරිසක් එක්ව කල සාකච්ඡාවෙදී කරන ලද ආරාධනාව පරිදි වසර 05 තිස්සේ දෙශීය
සහ විදේශීය වැඩිහිටි සංවිධාන රාශියක කටයුතූ අධ්‍යනය කොට සහ ශ්‍රි ලංකාවේ හා විදේශයන්
හී විවිධ තරාතිරමේ වැඩිහිටියන් විශාල පිරිසක් සමග කතාබස්කොට ලත් දැනුමින් මෙම ව්‍යවස්ථාව
සම්පාධනය කොට කේ.ඒස් සී පෙරේරා මහතා වීසින්
ශ්‍රී ලංකා වැඩිහිටියෝ සංවිධානයට පිරිනමන ලදුව සංවීධානයෙ ව්‍යවස්ථාව ලෙස
නීතියානුකූලව පිලිගන්නා ලදී.
අ/කලේ
ගරු ලේකම්
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
Comments
Post a Comment