“ශ්‍රී ලංකා වැඩිහිටියෝ (නිර්පාක්ෂික,නිදහස් මතධාරී)ප්‍රජා සංවිධානය

හ්‍රී ලාංකීක වැඩිහිටි  ප්‍ර‍ජාවගේ සුභසාධනය, අයිතිවාසිකම්, යුතුකම් හා වගකීම් වෙනුවෙන් වන  නිර්පාක්ෂික  ප්‍ර‍ජා සංවිධානයකි

ප්‍ර‍ධාන කාර්යාලය  අංක 1/26 මොරොන්තුඩුව පාර වාද්දුව - දු.ක 071 3517023(

සාමාජික අයදුම් පත්‍ර‍ය

 

සම්පූර්ණ නම   .........................................................................................................................................හිමි/මයා/මිය

ලිපිනය ............................................... ................................. ................................... ....................

ජා හැ අංකය.......................................    උපන් දිනය  ..................................         ස්ත්‍රී/පුරුෂ භාවය  .................

කරනලද/දැනට කරන  රුකියාවේ ස්වභාවය .....................................................

විශේෂ හැකියාවන් ඇත්නම්................................................. දුරකථන අංකය (ඇත්නම්)........................

ගරු ලේකම් තුමා වෙත ,

වැඩිහිටි ප්‍රජාවගේ  අයිතිවාසිකම්, සුබසාධනය, යුතුකම් හා වගකීම් ඉටුකර ගැනීම  සදහා සත්භාවයෙන් කටයුතු කිරීම පිනිස ශ්‍රි ලංකා වැඩිහිටියෝ (නිර්පාක්ෂික) ප්‍ර‍ජා සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමට මම කැමැත්තෙමි. ඉහත දැක්වෙන මගේ තොරතුරු සත්‍ය හා  නිවැරදි බවට මෙයින් සහතික වෙමි. .සංවිධානයේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට මම එකගවෙමි. කරුණාකර ශ්‍රී ලංකා වැඩිහිටියෝ ජ්‍ර‍ජා සංවිධායේ සමාජිකයෙතු ලෙස මා බදවා ගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටිමි.

 

 

අයදුම්කරුගේ  අත්සන                                                                                                          දිනය 

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

කාර්යාල පුයෝජනය සදහා පමණි

ඉහත සදහන්  අයදුම් පත පිලිගැනිමටත් සාමාජිකත්වය පිරිනැමීමටත්  .............................................................දින

රුස්වූ සංවිධානයේ පලාත් කාර්ක සහා රැස්වීමේදි තීරණය කල බැවින්  සාමාජිකත්වය පිරිනමන ලදී. ඔහුට/ඇයට ලබාදුන් සාමාජික අංකය .................................................  වේ

 

 

 

ගරු ලේකම්  -ශ්‍රී ලංකා වැඩිහිටියෝ ජ්‍ර‍ජා සංවිධානය                                             දිනය

 

 

 

සාමාජික ගාස්තව වසරකට රුපියල් 500/= කි.

 

 

සාමාජික මුදල ශ්‍රී ලංකා වැඩිහිටියෝ ජ්‍ර‍ජා සංවිධානය නමින් ‌ සෙලාන් බැංකුවේ වාද්දුව ශාඛාවේ පවතින  1420 -12734887 -101 දරණ ගිණුමට බැර කර අයදුම් පතට  බැංකු බැර පතේ ඡයා පිටපතක් අමුනා එවන්න. බැංකු බැර පතේ මුල් පිටපත ඔබට සාමාජික කාඩ්පත ලැබෙන තෙක් සුරැකිව තබාගන්න.

ව්‍යවස්ථාව කියවීමට https://srilankawedihitiyo.blogspot.com වෙත පිවිසෙන්න.

 

 

ශ්‍රී ලංකා  වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය

වැඩිහිටි ප්‍රජාවට ද ප්‍රශ්න පවතී. සෞඛ්‍ය ප්‍රශ්න. සංස්කෟතික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න , සමාජීය  ප්‍රශ්න ඇතුලු බොහෝ ගැටලු රාශියකට ඹවුන් මුහුණ දී සිටිති. රටේ ඇතිවන කුමනාකාර ගැටලුවකදී වුවද වඩාත් පීඩාවට පත්වන ජන කණ්ඩායම බවට ඔවුන් පත්ව සිටිති. වැඩිහිටියා නිකංම අබල දුබල නො‌වේ. ඔහු/ඇය මහලු වන්නේ මේ රට වෙනුවෙන් තම ලේ දහඩිය කඳුලු හෙලීමෙනි. ඒසේ මහලුවන වැඩිහිටියාට තම අවසාන කාලය  කීසිවෙකුට  අත නොපා ගෞරවාණ්විතව ගෙවා මිය පරලොව යාමට  අවස්ථාව ඇති කිරීම ජාතික වගකීමකි.

වැඩිහිටියා මහලු වුවත් ඔහුගේ/ඇයගේ දැනුම අත්දැකීම් පලපුරුද්ධ මහලු නෙවේ. ඒම දැනුම අත්දැකීම් පලපුරුද්ධ රටේ සංවර්ධනයට දායක කරගැනිමට වැඩ පිලිවෙලක් තිබිය යුතුය. නිදහස ලැබූ දින සිට මේ දක්වා පැවති  ලංකාවේ කිසිම ආණ්ඩුවක්  වැඩිහිටි ප්‍රජාව ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුකර කටයුතු කර ඇතැයි සෑහීමට පත්වීමට හැකියාවක්  නැත. මොහොත වන තුරුත්   ශ්‍රී ලංකාවේ වැඩිහිටි නියෝජනය විවිධ මානසික වද බන්ධනයක්ට ලක්වෙමින්  පවතී. පාර්ලි මේන්තු නියෝජිතයෝද මෙම ගැටලුව මගහැර  විවිධ අසත්‍ය පුකාශ කරමින් වැඩිහිටි මනාපය තමන්ට රිසි පරිදි හසුරුවා ගැනීමට මිස  වැඩිහිටි ප්‍රජාවගේ අයිතිවාසිකම් සුබසාධනය පිලිබඳව ප්‍රමානවත්   වැඩ කොටසක් ඉටුකර ඇති බවක් ද අපට නොපෙනේ

ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ උත්සාහය ශ්‍රී ලංකාවට ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක ඇතිකර ගැනීමට සහ

ශ්‍රී ලංකා වැඩීහිටියෝ ප්‍රජා සංවිධානයේ ව්‍යවස්ථාවේ නියමයන්ට යටත්ව

·         වැඩිහිටි ප්‍රශ්න ගැටලු යනාදිය රජය හා වෙනත් ආයතන වෙත යොමු කර විසදුම් ලබාගැනීමට ශක්තිමත් වැඩිහිටි සංවිධානයක් ඇති කරගැනීම හා  අන්‍යෙනෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරමින්  යුතුකම් ඉටුකිරීම.,

·         වැඩිහිටියන්ට තම ප්‍රශ්න ගැටලු යොමු කර විසදුම් ලබාගැනීමට තමන්ගේම මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් වත් බිහිකර ගැනීම ,

·         වැඩිහිටියන්ගේ ආරක්ෂාව, සුබසාධනය, යුතුකම් හා වගකීම් පිලිබද අනපනත් සම්මත කරවා ගෙන ජීවිතයේ සැදෑසමය ගෞරවාන්විතව හා අභිමානයෙන් යුතුව කිසිවෙකුටත්  අතනොපා ගතකිරීමට අවශ්‍ය සමාජ පරිසරය ඇති කර ගැනීම

·         වැඩිහිටි ප්‍රජාවගේ දැනුම පලපුරුද්ද හා අත්දැකීම් රටේ සංවර්ධනයට දායක කිරීම මගින් අපගේ දුවා දරුවන්ට වඩාත් දීප්තිමක් අනාගතයක් උරුමකර දීමට කටයුතු කිරීම ,

·         වැඩිහිටියන් සදහා ප්‍රධාන රෝහලක් ඇතුලුව ලංකාවේ සෑම රෝහලකම වැඩිහිටි වාට්ටුවක් ඇති කර ගැනීම,

·         සහනාධාර අවශ්‍ය වැඩිහිටියන්ට මාසිකව ප්‍රමානවත් මුල්‍යාධාරයක් සැපයීමත් .හා බෙහෙත් හා වෛද්‍ය සේවා නොමිලේ හා සහන දායක මුදලකට ලබාදීම,

·         වැඩිහිටි බැංකුවක් ඇති කර වැඩිහිටි ප්‍රජාවට විධිමත් මුල්‍ය කලමණාකරනයක් තුලින් සහන සලසා දීම,

·         වැඩිහිටි නිවාස හා වෙනත් වැඩිහිටියන් රැදී සිටින ස්ථාන නියාමනය සදහා සුදුසු වැඩපිලිවෙලක් සැකසීම

·         ශ්‍රී ලංකාවේ  ලමා හා තරුණ පරපුර  තුල වැඩිහිටියා පිලිබඳව ධනාත්මක ආකල්ප සංවර්ධනය කිරිම

·         වැඩිහීට යහපත වෙනුවන් වෙනත් අවශ්‍ය කටයුතු කිරීම. යනාදී මෙතෙක් ඉටු නොවී ඇති කරුණු කාරණා ඉටු කරගැනීම  ඇතුලුව  වැඩිහිටි ප්‍රජාවට බලපාන ප්‍රශ්න වලට විසදුම් සෙවීම වේ.

 

වියපත් තම මවට, , අසල්වැසියාට ආදරය කරන තමන් ද, ඥාතියාට පියාට යම් දිනක වියපත්වන බව දන්නා වයස අවුරුදු විසි එකට  වැඩි සෑම ශ්‍රී ලාංකිකයෙකුටම  ශ්‍රී ලංකා  වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ සාමාජිකත්වය ලබා මෙම සත් ක්‍රියාවට  සම්බන්ධ වනලෙස ඉල්ලා  සිටි.

 

ජාතික  සංවිධායක(ප්‍රවර්ධන)

ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය

 

Comments

Popular posts from this blog

අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු

ශ්‍රී්‍ංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගමන් මග ඒකක හා සේවාවන්