වියපත්
වැවිහිටියා කවරෙකුද , වැඩිහිටියා ගැන සමාජ
අවධානය
යොමුවිය යුත්තේ ඇයි ?
වියපත්
වැඩිහිටියා නිකං මහලු නොවීය. හේ තම තරුණ
අවධියේ ලේ,කඳුලු, දහඩිය වැගුරුවේ තම රට
වෙනුවෙනි. නුතන මිනිසා ප්‍රයෝජනයට ගන්නා ගහකොල මංමාවත් නිවාස ගොඩනැගිලි යනාදී කොයිදෙයහිත්
නිර්මාණ කරුවා මේ වැඩිහිටියාය. එසේ රට වෙනුවෙන් ,සමාජය වෙනුවෙන් මානව සංහතියේ
අභිවෘධිය වෙනුවෙන්, අනාගත ලෝකය වෙනුවෙන් තම ලේ දහඩිය කඳුලු හෙලා අබල දුබල වු පසු
ව්‍යජනයක තෑමුබුනු විට ඉවත දමන කරපිංචා කොලයක් සේ වැඩිහිටියාට නොසලකා හැරීම
මිනිස්කමට ගැලපෙන්නක් නොවේ.
එමෙන්ම
ජීවිතයේ තම ජවසම්පන්න අවධියේ වැඩකොට මහලු
වුවත් ඔහු ලැබු දැනුම, අත්දැකීම් හා පලපුරුද්ධ මහලු නොවේ. එම දැනුම රටේ ආර්ථික හා
සමාජ සංවර්ධනයට යොදා නොගෙන වැඩිහීටියා වැඩකට නැති දිරාටිය කඳක් ලෙස සැලකීම ද ,
ඔහු/ඇය සමාජයට බරක් ලෙස සැලකමද සාධාරණ නොවේ.
අතීත ශ්‍රී
ලංකාවේ ඉතා උසස් වැඩිහිටි සංස්කෘතියක් පැවතුනි.එම සංස්කෘතිය වැඩිහිටි දැනුම
අත්දැකීම් පලපුරුද්ද සමාජ සංවර්ධනයට හා ආර්ථික සංවර්ධනයට යොදාගනු ලැබීය. එකල වැඩිහීටියා පවුලට සමාජයට ආර්ථිකයට බරක් ලෙස
නොසැලකූනි.
නමුත් ලෝකය
දියුණු වීමත් සමග සමාජ සම්බන්ධතා වඩාත් සංකීර්ණ බවට පත්වුනි පැරණි කෘෂිකාර්මික
සමාජයේ පැවති විතැන් පවුල් ක්‍රමය අහෝසී
වී න්‍යාස්ටික පවුල් ක්‍රමය බිහිවිය. සමාජ සම්බන්ධතා වඩාත් සංකීර්ණ බවට පත්වුනි .
ඒ සමගම ශ්‍රී ලංකාවේ පැරණි වැඩිහිටි සංස්කෘතියේ ගරා වැටීම ඇරඹුනි. සංස්කෘතීන්,
සම්ප්‍රධායන් ඒකතැන පල්නොවේ. ඒවාද වෙනස්වන
ලෝකය සමග වෙනස් වෙමින් ඉදිරියට ඇදේ.
නමුත් නුතන
සංස්කෘතීන් වෙනස් වන්නේ ස්වායත්ත සමාජ සංවර්ධනයන් පදනම් කොටම නොවේ. නව සන්නිවේදන
තාක්ෂණයේ දියුණුවත් සමග පරායත්ත සමාජ සංවර්ධනයන්ද ඒ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි.
මෙහිදී යම් රටක්, ජන කණ්ඩායමක් තම සංස්කෘතෘතීන් ඉබේ වෙනස් වීමට ඉඩහැරිය හොත් එම රටේ
ජාතික අන්‍යනතාවය . සමාජ අගයන් හා සමාජ හර පද්ධතීන් විනාශ වේ.
පසුගිය දශක
ගණනාව පුරා ශ්‍රී ලංකාවේ සිදුවුයේ මෙයයි. එහි ප්‍රතීපලය ලෙස ශ්‍රී ලාංකික
වැඩිහිටියා මේ වනවිට සමාජයට බරක් වෙමින් පවතී. දුවා දරුවන් තම වියපත් මව්පිය
වැඩිහිටියන් කරදරයක් ලෙස සැලකීම ඹවුන් පවුලට බරක්ලෙස සලකා කොන් කිරීම. මහමග දමා
යාම, අතරමං කොට දැමීම, නිවසේම ගවමඩු,බලුකූඩු තුල කොටුකර තැබීම, මහලු නිවාස තුල
තනිකිරීම, මහලු වැඩිහිටියන් කුසගිනි නිවා ගැනීම පිනිස මහමග සිගමන් යැදීම මේ වනවිට
සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇත්තේ අපගේ වැඩිහිටි සංස්කෘතිය ඉබේ වෙනස් වීමට ඉඩ
හැරීම හේතුවෙනි. අපගේ වැඩිහිටි සංස්කෘතිය ඉබේ වෙනස් වීමට ඉඩහැර ඉන් උදාකල අයහපත්
ප්‍රතිපල පිටූදැකීම පිණිස නීතිමය ප්‍රතිපාධන යොදා ගැනීමට අප සමාජය යම් උත්සාහයක්
ගෙන ඇතත් එය අසාර්ථක බව දිනෙන් දින වාර්තාවන සිදුවීම් වලින් සනාත වේ.
ජීවත්වන සෑම
අයෙක්ම යම් දිනක මහලුව අබල දුබල වේ.
මහලුබව සැමට පොදුවේ. මහලුවන මීනිසාට
පමණක් විශේෂවන ගැටලු ප්‍රශ්නද පවතී. ඒබැවින්
රටකට ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවට එවැනි ප්‍රතිපත්තියක්
මෙතෙක් ගොඩනැගී නැත. ඒවැනි ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක් සකස් කිරීම මෙන්ම පවත්වාගෙන
යාමද අසීරූ කර්යයෙකි. තම රට අතීත වැඩිහිටි සංස්කෘතිය හදුනා ගැනීම, එම සංස්කෘතියේ විකාශනය
අධ්‍යනය කිරීම, ඇතිව තිබෙන වැටිහිටි ගැටලු තේරම් ගැනීම, ඒවැනි ගැටලු සම්බන්ධයෙන් වෙනත්
රටවල් ජන කණ්ඩායම් කටයුතු කරන ආකාරය හොයාබලා එම දැනුම අපට යොදාගත හැක්කේ කෙසේද විමසා
බැලීම දිනෙන් දින සංකීර්ණව වෙනස්වන සමාජය ඉදිරියේ අප වැඩිහිටියන්ට වඩාත් යහපත් ජීවන තත්වයක් උරුම කරදීම, රජය හා රාජ්‍ය සංවිධාන
සමග හා වෙනත් අදාල සංවිධාන සමග ලංව සම්බන්ධ
වෙමින් අපට ගැලපෙන වැඩිහිටි ජාතික ප්‍රතිපත්තියක් සකස්කර ගැනීමට කටයුතු කිරීම අප සැමෙග්
වගකිමකි
අප සියල්ලන්ම
දිනක මහලුව අබල දුබල වන බැවින් මෙය අප සැමගේම ගැටලුවකි. මෙම ගැටලුවට සාර්ථකව පිලියම්
සෙවීම සඳහා ජාති, කුල, ආගම් පකෂ බේද නොසතකා නිර්පාක්ෂිකව සමගියෙන ඒකවමු යයි ශ්‍රී ලාංකීක
සැමට අපි ආරාධනා කරමු.
ශ්‍රී ලංකා වැඩිහිටියෝ
ප්‍රජා සංවිධානය.
Comments
Post a Comment