ශ්‍රී ලංකා වැඩිහිටියෝ සමග එක්ව ඔබට කල හැකි ජනතා සේවය
ශ්‍රී ලංකා වැඩිහිටියෝ සමග එක්ව ඔබට කල හැකි ජනතා සේවය
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
නිර්දේශපාලනික නිදහස් මතධාරී ජනතා සංවිධානයෙකි. දේශපාලන සංවිධානවලට ඔවුන්ගේ කටයුතු කරන්නට ඉඩහැර නිදහස් මනසින් රටට ජනතාවට සේවය කරන්නට කැමති අය
හා එක්ව සමාජ සේවයේ යෙදීම අපගේ අභිප්‍රාය වේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවගේ
යහපත වෙනුවෙන් ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට ,ලමා හා තරුණ ප්‍රජාවට වැඩිහිටියා සමාජයට කල සේවය නිවරදිව පැහැදිලි
කරදීමට, වැඩිහිටියාට බලපාන පොදු ගැටලු නිරාකරණය
කර ගැනීම සඳහා සංවිධානය වීමට අමතරව අප සංවිධානය
සිදුකරණු ලබන බොහෝ සමාජ සේවාවන් සඳහා ඔබට දායක විය හැකිය. සමාජ කටයුතු දායක වීමට කාලය,
ධනය, නිරෝගීබව අඩු අය ඇතුලු ලමා, තරුණ මහලු සෑම අයෙකුටම කෙසේ හෝ සමාජ සේවයට දායක වියහැකි
අයුරු කටයුතු කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සදහා කුමන හෝ දේශපාලන සංවිධානයක
සාමාජිකයෙකුට වුවද තම දේශපාලන මතිමතාන්තර ඒසේම තබාගෙන අප සමග එක්ව කටයුතු කිරීමට සංවිධානයේ නිර්දේශපාලනික බව බාදාවක්ද නොවේ. නමුත් කිසිම විටක කීසිම දේශපාලන පක්ෂක.
සංවිධානයක, කණ්ඩායමක කුමන හෝ නිලයක් දරණ අයෙකුට ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා
සංවිධානයේ නිලයක් දැරීම සංවිධානයේ ව්‍යවස්ථාවෙන්ම තහනම වේ. ඉන් අපේක්ෂා කරන්නේ
කුමන හෝ දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක ග්රහනයට ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා
සංවිධානය යටත් වී සංවිධානයේ අරමුණු විනාශවීම වැලැක්වීම මිස විවිධ දේශපාලන මත දරණ
පිරිස්වලට අප සමග එක්ව සමාජ සේවය කිරීමට ඇති අවස්ථාවට බාදාකිරීම නොවේ. අප හා එක්ව
සමාජයට රටට සේවය කිරීමට ශ්‍රී ලාංකීක ඔබට හැකි ආකාර කීපයක් පහත දැක්වේ. එම
ආකාරයකින් හෝ වෙනත් ඔබට හැකි සංවිධානය සුදුසු යයි පිලිගන්නා ආකාරයනට අප හා එකවන
ලෙස සැමට ආරාධනා කරමු.
- දෛනිකව බෙහෙත් අවශ්‍ය මිල මුදල් නැති ඉතා අසරණ
වැඩිහිටියන්ට අවශ්‍ය බෙහෙත් ලබාදීම සදහා ඔබට දායක විය හැකිය.
- කෘෂිකර්මය. වෛද්‍ය විද්‍යාව ,නීතිය.මුදල්
කලමනාකරණය යනාදී යම් විෂයක් පිලිබදව ඔබ ලබා ඇති දැනුම..අත්දැකීම
පලපුරුද්ධ සමාජ යහපත පිනිස සමාජ ගතකිරීම
සඳහා ඔබට දායක විය හැකිය.
- කිසියම් වෘත්තියක් පිලිබදව ඹබ ලබා ඇති දැනුම ..අත්දැකීම පලපුරුද්ධ සමාජ යහපත පිනිස සමාජ ගතකිරීම සඳහා ඔබට දායක විය හැකිය.
- වෘත්තීය අධ්‍යාපනය සඳහා අවශ්‍ය මිල මුදල් නැති දුප්පත් පවුල්වල දරුවන් සදහා උපකාර කිරීමට ඹබට දායක විය හැකිය.
- සිංහල දෙමල හා ඉංග්‍රීසි යන ත්‍රිත්ව භාෂාවෙන්ම කටයුතු කිරීම අපගේ අපේකෂාව බැවින් එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්ථනයට ඔබට දායක විය හැකිය.
- නව නිපයුම් කිරීම සඳහා වෙහෙසෙන අයට ඔබ ලබා ඇති දැනුම පලපුරුද්ධ ලබාදීම සඳහා ඹබට දායක විය හැකිය.
- ඔබ සිංහල, දෙමල හෝ මුස්ලිම් සංස්කෘතියට අයත් අයෙක් නම් ඹබ සංස්කෘතියේ වැදටත් අංග සමාජයට දායක කිරීම සඳහා ඔබට අප සමග එක්ව කටයුතූ කලහැකිය
- නිරීක්ෂක සාමාජිකයෙකු වශයෙන් ඔබට අපගේ කටයුතු නීරීක්ෂනය කිරීමට දායක විය හැකිය.
- නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමෙන් ද ඔබට සමාජ යහපත සඳහා අප සමග ඒක් විය හැකිය.
- ඹබ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන්නේ නම් ඔබ ජීවත්වන රටේ වැඩිහිටි සංස්කෘතිය පිලිබදව කරුණු සොයා බලා අප දැනුවත් කිරීමෙන් ඔබට සමාජ යහපත සඳහා දායක විය හැකිය.
- ඹබ ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන්නේ නම් ඔබ ජීවත්වන රටේ ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ශාඛාවක් පිහිටුවා පවත්වාගෙන යාමෙන් ඔබට සමාජ යහපත සඳහා දායක විය හැකිය.
- සමාජ මාධ්‍ය ඹස්සේ වැඩිහිටියන්යන්ට බලපාන කරුණු සම්බන්ධයෙන් සමාජ පර්යේෂන කිරීම මගින් ඔබට සමාජ යහපත සඳහා දායක විය හැකිය.
- ඔබට ඒ කිසිම ආකාරයකින් සමබන්ධවිය නොහැකි නම් රුපියල් 50 ක් 100 ක් තරම් පරිතාග්යකල හැකි සුලුමුදලක් හෝ සංවිධානයේ ගිණුමට බැර කිරීමෙන් පවා ඔබට සමාජ යහපත සඳහා දායක විය හැකිය.
ඔබට
මේ පිලිබදව වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් 094713517023 අංකයට ඔබගේ විස්තර හා දුරකථන අංකය ඒවීමෙන් ඒ සදහා අවස්ථාවක් ලබාගත හැකිය.
ගරු ලේකම
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
Comments
Post a Comment