ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය 

ශ්‍රී ලංකා වැඩිහිටියෝ ගමන් මග  පිලිබදව

ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය ද වැඩිහිටි සමිතියකි. නමුත් ලංකාවේ සෑම ග්‍රාමසේවා වසමකම පවතින වැඩිහිටි සමිතිවලට වඩා ශ්‍රී ලංකා වැඩිහිටියෝ වෙනස් වේ.. සාමාන්‍ය වැඩිහිටි සමිතියකින් කරනු ලබන්නේ වැඩිහිටි ප්‍රජාව එක්ව එහි සාමාජිකයින්ගේ සුබ සාධනයෙකි. වන්දනා ගමන්, විනෝද ගමන්, පින්දහම් උත්සව සංවිධානය කිරීම, මරණයකදී මගුලකදී එක්ව සහාය වීම, යනාදී සරල සමාජ සේවයක් එම සංවිධාන වලින් සිදුවේ. එම සංවිධානවල නිළධාරීන් සමාජ සේවකයින් ලෙස පොදුවේ පිලිගණු ලබයි.එම සමිතිවලින් ද වැඩිහිටියාට බොහෝ සේවයක් සිදුවන බව අපගේ පිලිගැනීමයි.

නමුත් ශ්‍රී ලංකා වැඩිහිටියෝ එම සමිතිවලට වඩා පුලුල් කාර්යභාරයක් ඉටුකිරීම සදහා පිහිටුවා ගත්තකි. අපගේ අරමුණ පුලුල්ය, කාර්යභාරය සංකීරණය. අපි සමාජය වෙස් කිරීමට වෙර දරණ සංවිධානයෙකි. වැඩිහිටියා සම්බන්ධව සමාජ ආකල්ප ධනාත්මකව වෙනස්කිරීම ,වැඩිහිටියන් සම්බන්ධ නීති රීති  අන පනත් ඇතිකර ගැනීම, වැඩිහිටි සුබසාධනය,වැඩිහිටියා සතු වටිනා ැනුම සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම. සමාජය පිලිගත් ලාංකීක සිරිත් විරිත් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂාකර තැබීම, වැඩිහිටියා ගේ දැනුම පලපුරුද්ද හා හැකියාවන් සමාජ සංවර්ධනයට යොදා ගැනීම, ලමා හා තරුණ ප්‍රජාවගේ ආකල්ප වෙස් කිරීම මගින් වැඩිහිටියාට අභිමානයෙන් හා ගෞරවාන්විතව ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩ නැගීම මගින් සමාජය වෙනස් කිරීමට, වෙනස්ව සිතන්න පෙලඹවීමට කටයුතු කිරීම අප සංවිධානයේ කාර්යභාරයයි.

අපි සමාජ සේවකයින් නොව සමාජ ක්‍රියාකාරින් වෙමු. වැඩිහිටියාගේ සමාජ, ආර්ථික, මානසික,  නෛතික, පුශ්න වලට මැදහත් වී ඒවා විසදා ගැනීමට ද අපි දායකත්වය සපයමු. එමෙන්ම ලෝකය පුරා විසිර සිටින  සියලුම ශ්‍රී ලාංකිකයින් සමග අත්වැල් බැද ගැනීමටද ඔවුන් සමග එක්ව එම රටවල සිටින ලාංකීක දරු දැරියන්ට ශ්‍රි ලාකීක සිරිත් විරිත් සම්ප්‍රධායන් හා සංස්කෘතිය ගැන අවබෝධයක් ඇති කිරීමට ද  අපි කැපවෙමු. මෙම කාර්යභාරයේදී  ජාතිය ,ආගම, කුලය, උතුර, දකුණ ,කතාකරණ භාෂාව හෝ වෙනත් කිසිදු පටු සීමාවන්ට අපි කොටු නොවෙමු. එමෙන්ම සිංහල, දෙමල, යෝනක, ජා, මැලේ යනුවෙන් හෝ බොදු, ක්‍රිස්තියානී ,මුස්ලිම් යනුවෙන් හෝ වම දකුණ යනුවෙන් හෝ අපිට වෙනසක් නැත. අපගේ එකම අරමුණ ශ්‍රී ලාංකික යනුවෙන් හදුන්වන එකම ජන කොට්ටාශයක් අරමුණු කොට වැඩිහිටි ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ලාංකීක සමාජය ආකල්පමය වෙනසකට භාජනය කිරීම වේ. මේ සදහා අපි ශ්‍රී ලංකාවේ සියලුම ආගමික සංවිධාන, ජාතික සංවිධාන, අදාල රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල අදහස් යෝජනා යනාදියෙන්ද පෝෂණය වෙමින්  අපගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සදහා කැපවෙමු.

   අපගේ අරමුණ හා එකගවන සෑම අයෙකුටම අප සංවිධානය සමග එක්විය හැකිය.

Comments

Popular posts from this blog

අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු

ශ්‍රී්‍ංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගමන් මග ඒකක හා සේවාවන්