අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය ශ්‍රී ලාංකීක සමාජයෙන් 18% පමණම වයස 60 ඉක්ම වු වියපත් වැඩිහිටියන් බව කියවේ. ඔවුන්ගෙන් බහුතරයක් මෙම ආර්ථික අර්බුධය හමුවේ කායිකව හා මානසිකව විඳවන එමෙන්ම ජීවිතය පවා අවධානම් ජන කොට්ඨාශයක් බව පත්ව සිටිති. මේ වනවිට රට දැඩි ආර්ථික අර්බුධයකට හසුව බංකොලොත් වී සමාජයේ සෑම තරතිරමකම මිනිසුන් ඉතා අර්ධකාරී තත්වයකට පත්ව සිටින බැවින් ආණ්ඩුව හෝ වෙනත් කිසිවෙක් වියපත් වැඩිහිටියා පිලිබදව විශේෂයෙන් සිතා බලන බව නොපෙනේ. නමුත් මෙම සමාජ ආර්ථික ප්‍රශ්න හමුවේ සැමගේ සාණුකම්පිත අවධානය වියපත් ශ්‍රී ලාංකීක වැඩිහිටියා වෙත යොමුවිය යුතුව පවතී. වියපත් වැඩිහිටියා අද මුහුණදෙන ප්‍රශ්න කීපයක් ආර්ථක අර්බුධය හමුවේ වියපත් වැඩිහිටියන් සිටින පවුල්වල ආදායම උපයන පිරිස්වල ආදායම පහල යාම හා ජීවන වියදම ඉහලයාම නිසා අවම පෝෂණය සහිත ආහාර වේලක් හෝ වියපත් වැඩිහිටියන්ට නොලැබීම. අඩු අදායම් සහිත පවුල්වල වැඩිහිටියන්ට අවම පෝෂණය සහිත ආහාර වේලක් නොලැබීම පමණක් නොව දිනකට ලැබෙන ආහාර වේල් 03 වෙනුවට එක් ආහාර වේලක් පමණක් ලැබන අවස්ථා පවතින බැවින් අඩ කුසගින්නේ සිටීමට සිදුවී තිබීම. සමහර පවුල්වල වියපත් වැ