ශ්‍රී ලංකාව බංකොලොත් කල රාජ්‍යයේ උසස් නිලධාරී අත්තනෝමතිකත්වය ඉවත් කරමු
ශ්‍රී ලංකා වැඩිහිහිටියෝ ප්‍රජා සංවිධානය
ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමෙන් මහත් ව්‍යසනයකට
මුහුණ දී සිටින එක් ජන කණ්ඩායමක් වන්නේ ශ්‍රී ලාංකීක වැඩිහිටියාය. එබැවින් මෙම ව්‍යසනයෙන්
ඉතා ඉක්මනින් රට නිදහස්වීම දැකීම ශ්‍රී ලංකීක වැඩිහිටියන්ගේ අපේක්ෂාව වේ.
මෙම හේතුව නිසා රට බංකොලොත් වීමට හේතු වු සාධක
ගැඹුරින් අධ්‍යනය කරමින් ද, එම සාධක විවේචනය කරමින්ද, එම සාධක නිවරදි කිරීමට
ගතයුතු පියවර සොයා බලමින්ද, ඒ පිලිබදව විවිධ පාර්ශව සමග සාකච්ඡා කොට කරුණු
රැස්කරමින්ද, එම කරුණු සමාජ ගතකරමින්ද කටයුතු කිරීමට ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා
සංවිධානයට විශාල වගකීමක් පැවරී ඇත.
අපගේ මෙම කරුණු දැක්වීමද එම වගකීම ඉටුකිරීම පිණිස මිස කිසිම පක්ෂයකට, කල්ලියකට, කණ්ඩායමකට පුද්ගලයෙකුට පක්ෂව හෝ විරුද්ධව කරනු ලබන කරුණු දැක්වීමක් නොවේ.
රාජ්‍යයේ උසස් නිලධාරී අත්තනෝමතිකත්වයේ බලපෑම
ශ්‍රී ලංකාව කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවන් වුයේ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ගේ අත්තනෝමතිකත්වයයි. සෑම රාජ්‍ය ආයතනයකම අඩු වැඩි වශයෙන් මෙම තත්වය පසුගිය දශක කීපය පුරාම වර්ධනය වෙමින් පැවතුනි. උසස්වීම්, තාන්නමාන්ය, විදේශ ගමන්, ශිෂ්‍යත්ව, විශ්‍රාම යාමෙන් පසු විවිධ කොමිසන් සභාවල කොමසාරිස් තනතුරු ,රාජ්‍ය සංස්ථාවල සභාපතිකම්, අධ්‍යක්ෂකම් ,තානාපතිකම් යනාදියෙන් දේශපාලනඥයා රාජ්‍ය නිලධාරීයාව ග්‍රහණය කරගත් අතර අල්ලස් දුෂණ,කොමිස් කුට්ට් මගින් අයුතු උපයාගැනීමට සහාය වීමෙන් දේශපාලනඥයා ග්‍රහණය කරගැනීමට රාජ්‍ය නිලධාරීයා සමත් විය. සමහර විටක මෙම අයූතු උපයාගැනීම වල කොටසක් රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන බව විශ්වාස කිරීමට පවා කරුණු පවතින බවට මාධ්්ය වාර්තා විටින් විට පලවේ.
මෙම අශූද්ය මිත්‍රකම නිසා රාජ්‍ය ආයතන තුල
උසස් නිලධාරීන්ගේ නීති විරෝධී අත්තනෝමතිකත්වය වැඩුනි. එය රාජ්‍ය ආයතන තුල යටත්
නිලධාරීන් බියට පත්කලේය. කුමන නීති විරෝධී කටයුත්තකට එරෙහි වුවද යටත් නිලධාරීන් හා
මහජනතාව විවිධ පීඩාවට පත් කිරීමට මෙම අත්තනෝමතිකත්වය බලපෑවේය. පලමුව ප්‍රධානියාද,
ඊලගට දෙවනියා, තෙවනියා වශයෙන් පැතුරුණු මෙය පසුවන විට ආයතන පුරා ව්යාපත්වුනි.
පසුකාලයේදී රාජ්‍ය නිලධාරීන් කරන කිසිම වරදක් ලෙස වරදක් ලෙස නොදකින තත්වයක් රාජ්‍ය ආයතන තුල නිර්මාණය වීමට මෙය හේතුවුනි.
රාජ්‍ය ආයතන ජනතාව වෙනුවෙන් නොව ජනතාව රාජ්‍ය ආයතන වෙනුවෙන්ය යන සංකල්පය රාජ්‍ය
ආයතන තුල බිහිවීමට මෙය හේතු වු බව සමහර වැඩ වර්ජන විමසන විට පෙනීයයි.
මෙය කොතරම් තදබල ලෙස රාජ්‍ය ආයතන තුල ව්‍යාප්තවී ද
යත් එක් රාජ්‍ය නිලධාරියෙකුගෙන් සිදු වු අතපසු වීමක් හෝ වරදක් නිැරදි කරගැනීමට
අධිකරණයෙන් මෙපිට වෙනත් කිසිම රාජ්‍ය ආයතනයකින් බැරිවන තරමට තත්වය අසාධ්‍ය විය. රාජ්‍ය ආයතන අතර අවිධිමත් මිත්‍රත්වය භයානක හානි
ජනතාවට උදාකලේය. අධිකරණය වෙත යාමට මුදල් හෝ දැනුම නැති මහජනතාවට මේ නිසා මහත් අසාධාරණ
සිදුවුනි. රාජ්‍ය ආයතනයකින් විශ්වාසවන්තව නිසි වෙලාවට කිසිම සේවාවක් ඉටුකරගැනීමට නොහැකි තත්වයක් ඇතිවිනි.
ඉතාම අවාසනාවන්ත තත්වය වන්නේ නීතිමය සාධරණය ඉටුකිරීමටම හා යහපත් රාජ්‍ය සේවයක් ඇතිකිරීමට පිහිටුවා ඇති රාජ්‍ය සංවිධාන වු මානව හිමිකම් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, නීති ආධාර කොමිසම, පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය ,පාර්ලිමේන්තුවේ මහජන පැමිණිලි කාරක සභාව ,ඔම්බොස්මන් කාර්යාල යන ආයතනවල උසස්ම නිලධාරීන් හා රාජ්‍ය පරිපාලන සේවයේ මුලාස්ථානය වු රාජ්‍ය පරිපාලන අමාතශංශයේ ලේකම්වරයා පවා මෙම තත්වයට ගොදුරු වී තිබීමයි.
විසදුම
රට නැවත ගොඩ නැගීමේ කාර්යේදී උසස් රාජ්‍ය නිලධාරීන්ගේ
මෙම අත්තනෝමතිකත්වය පිටු දැකිය යුතුව ඇත.එම අත්තනෝමතිකත්වය ගොඩ නැගුනේ නීතියේ
පවතින අඩු ලුහුඩුකම් වල හේතුවෙනි. එනිසා නීතියේ එම අඩුපාඩු නිවරදි කරගත යුතුව ඇත. එම
අඩු ලුහුඩුකම් පිටුදැකීම පිණිස පහත දැක්නෙ නීතිමය වෙනස්කම් රට තුල සිදුවිය යුතුව
ඇත.
- රාජ්‍ය සේවා කොමිසමට ලබා දී ඇති නඩු කටයුතු වලිනි නිදහස් විමේ මුක්තිය ඉවත් කිරීම.
- තම බලය රාජ්‍ය නිලධාරීන්ට පැවරූ පසු රාජ්‍ය නිලධාරීන් එම බලය යටතේ සිදුකරනු ලබන කටයුතු වලට මැදහත්වීමට හා පසු විපරම් කිරීමට බලය රාජ්‍ය සේවා කොමිසමට ලබාදීම.
- මානව හිමිකම් කොමිසම සහ පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව විමර්ශනය කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් නිර්දේශ වෙනුවට නියෝග ලබාදිමේ බලය එම ආයතනවලට ලබාදීම
- රාජ්‍ය පවත්වාගෙන යන සියලුම ආයතනවල නිලධාරීන්ගෙන් සිදුවන සියලුම ආකාරයේ වැරදි සම්බන්ධයෙන් ඉදිරිපත්වන පැමිණිලි විභාග කිරීමට සහ ඒ සම්බන්ධ නියෝග ලබාදීමට රාජ්‍ය සේවයට පරිභාහිර වෘත්තීය බුද්ධිමතුන් ගෙන් සමන්විත පුර්ණ බලතල සහිත විනිශ්වය අධිකාරිය් පිහිටුවීම
යෝග්‍ය බව අපි යෝජනා කරමු.
මෙම යෝජනා ඉදිරිපත් කරන්නේ අප සතු ලිඛිත සාක්ෂි හා වෙනත් ප්‍රමානවත් දත්ත ඇසුරිණි. මෙම ලිපියේ නම් සදහන් ආයතන තමන්ගේ නිලධාරීන් එසේ කටයුතු කොට නැතැයි සඳහන්කොට මෙහි සඳහන් කොට ඇති තොරතුරු ප්රතික්ෂේ නරන්නේ නම් හෝ තම ආයතනයෙන් සිදුවන එවැනි වැරදි නිැරදි කරගැනීමට අපේක්ෂා කරන්නේ නම් හෝ ඒ සදහා තොරතුරු ලබාදීමටද අපි (ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය) කිසි විටෙක නොපැකිලෙන බව ද සඳහන් කරමු
මෙම රාජ්‍යයේ උසස් නිලධාරී අත්තනෝමතිකත්ව පිටු දැකීමට මැදහත්වන ලෙස රටට හා ජනතාවට ආදරය කරනු ලබන සැමගෙන් අපි ඉල්ලා සිටිමු.
ශ්‍රී ලංකා වැඩිහිහිටියෝ ප්‍රජා සංවිධානය - ගරු සභාපති.
Comments
Post a Comment