Posts

සංවිධානයේ ාමාජික මුදල

Image
  “ශ්‍රී ලංකා වැඩිහිටියෝ (නිදහස් මතධාරී)ප්‍රජා සංවිධානය “   ආදරණීය රටවැසියණී සාමාජික මුදල ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ සාමාජික මුදල මසකට රුපියල් 50 කි. එය ඔබ   බුලත් විටක්, දුම් වැටියක් වෙනුවන් වැය කරන තරම්වත් මුදලක් නොවේ.මෙම මුදල වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂික වශයෙන් ගෙවිය හැකිය එම මුදල එක අතකින් ඔබ පුණ්‍ය කටයුත්තකට කරන දායක වීමකි. තවත් අතකින් අද මහලු වියේ පසුවන සැම වැඩිහිටියකුගේම යහපත වෙනුවෙන් කරනු ලබන කැපකිරීමකි. තවත් අතකින් අනාගතයේ මහලුවන සෑම අයෙකුගේම මහලු දිවිය හොදින් ගත කිරීම සදහා කරණු ලබන ආයෝජනයකි. ඔබ මෙම සුලු යුතුකම ඉටුකරන්නේ නම් ඔබ වෙනුවෙන්,රට වෙනුවෙන් වැඩිහිටි ප්‍රජාවගේ යහපත වෙනුවෙන් වැටුපක් හෝ වෙනත් කිසිම දීමනාවක් නොලබා වැඩකිරීමට බොහෝ උගතුන් ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ ගොනුවී සිටී. මේ වෙනුවෙන් ඔබ නොපැලකිව දායකවනු ඇතැයි අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය    

රාජ්‍ය සේවයේ දඩුවම් නැති අපරාධ(1 කොටස)-රා.සේ.කෝ කෙරුවාව 08.11.2021 දීය

the Impunity crime in Sri Lanka Public Service

ශ්‍රී ලංකා රාජ්‍ය සේවය අකාර්යක්ෂම හා දුෂිත වුයේ කෙසේද ?

Image
           රාජ්‍ය සේවය   දඩුවම් නැති අපරාධ   ශ්‍රී ලංකාව 1972 දී අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදී ජනරජයක් වු නමුත් ජනරජ පාලනයට අවශ්‍ය නීති         සකස්කර       ගැනීමට අපි  අහොසත්විමු. යටත් විජිත පාලකයින් භාවිතා කල නීතී අනපනත පුළුල්   අධීක්ෂණයකට ලලක්ට ජනරජයට   ගැළපෙන නීති සකස්කර ගැනීම වෙනුවට යටත් විජිත පාලකයින් භාවිතා කළ නීතී කපමින් කොටමින් අන්ඩ දම දමා අපි භාවිතා කරමු. එහි අනිසි පළ මේ වනවිටත්  බුක්ති විදිමින් සිටිමු. ප්‍රායෝගික සිදුවීම් ඇසුරින් හා නීතිමය විග්‍රහයන් තුලින්   ශ්‍රී ලංකා රාජ්‍ය සේවය අකාර්යක්ෂම හා   දුෂිත වුයේ කෙසේද විමසන මෙම පොත රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීම පිණිස නීතිමය සංසෝධන  අවශ්‍යතාවය පැහැදිලි කරයි.   ලගදීම මෙම පොත නොමිලේම කියවීමට   ශ්‍රී ලංකා වැඩිහිටියෝ   ඔබට අවස්ථාව ලබාදීමට කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා වැඩිහිටියෝ

උසස් පෙළ දරු දැරියන්ට තොරතුරු තාක්ෂණ වෘත්තීය අධ්‍යාපනය

Image
  ශ්‍රී ලංකා වැඩිහීයෝ සමාජ සමීක්ෂණ IUHS Campus INSTITUTE OF UNIVERSAL HIGHER STUDIES(PVT)LTD ආයතනයේ තොරතූරු තාක්ෂණ නිදහස් අධ්‍යාපන වැඩ සටහන 2020/ 09/ 20 නුගේගොඩ පිහිටා ඇති   IUHS Campus හෙවත් INSTITUTE OF UNIVERSAL HIGHER STUDIES(PVT)LTD නැමති අධ්‍යාපන ආයතනය මගින් දියත් කිරීමට සැලසුම් කර ඇති   අධ්‍යාපන වැඩසටහනක් නීරීක්ෂණය කිරීමට අපිට අවස්ථාව ලැබුනි. එම නීරීක්ෂණයේ   දී   උසස් පෙළ විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිට විෂයයන් එකක් හෝ දෙකක් අසමත් ඉංග්‍රිසි භාෂාව පිලිබඳව යම් දැනුමක් ඇති ශිෂ්‍ය ශිෂ්‍යවන් සියයක් පමණ තෝරාගෙන   ආහාර හා නේවාසික පහසුකම්   නොමිලේ ලබාදෙමින්   තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් සඳහා ඉගැන්වීමටත් (දැවුරුදු   අධ්‍යාපන කාලයක් ) ඉන්පසු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව විභාග පවත්වා   ඩිප්ලෝමාවක් ලබාදීමටත් කටයුතු කරනු ලබන බව දැනගැනීමට ලැබුනි. ඉන්පසුව අදාල දරු දැරියන් රැකියාවලට යොමුකොට එම දරුවන්ටම උපයාගෙන උපාධියක් කරා යාමට කටයුතු සැලසුම්කොට ඇති බවත් මෙහිදී අපගේ නීරීක්ෂණයට හසුවිය. මෙම අධ්‍යාපන වැඩසටහන මෙත් බෝ සෙවන ආශ්‍රමයාධීපති කීර්තිමත් යතිවර පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි ප්‍

අර්බුධයෙන් බැටකන වියපත් වැඩිහිටියා රැක ගනිමු

Image
  ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය ශ්‍රී ලාංකීක සමාජයෙන් 18% පමණම   වයස 60 ඉක්ම වු වියපත් වැඩිහිටියන් බව කියවේ. ඔවුන්ගෙන් බහුතරයක් මෙම ආර්ථික අර්බුධය හමුවේ කායිකව හා මානසිකව   විඳවන එමෙන්ම ජීවිතය පවා අවධානම් ජන කොට්ඨාශයක් බව පත්ව සිටිති. මේ වනවිට රට දැඩි ආර්ථික අර්බුධයකට හසුව බංකොලොත් වී සමාජයේ සෑම තරතිරමකම මිනිසුන් ඉතා අර්ධකාරී   තත්වයකට පත්ව සිටින බැවින් ආණ්ඩුව හෝ වෙනත් කිසිවෙක් වියපත් වැඩිහිටියා පිලිබදව විශේෂයෙන් සිතා බලන   බව නොපෙනේ. නමුත් මෙම සමාජ ආර්ථික ප්‍රශ්න   හමුවේ සැමගේ සාණුකම්පිත අවධානය වියපත් ශ්‍රී ලාංකීක වැඩිහිටියා වෙත යොමුවිය යුතුව පවතී. වියපත් වැඩිහිටියා අද මුහුණදෙන ප්‍රශ්න කීපයක් ආර්ථක අර්බුධය හමුවේ වියපත් වැඩිහිටියන් සිටින පවුල්වල ආදායම උපයන පිරිස්වල ආදායම පහල යාම හා ජීවන වියදම ඉහලයාම නිසා අවම පෝෂණය සහිත ආහාර වේලක් හෝ වියපත් වැඩිහිටියන්ට නොලැබීම. අඩු අදායම් සහිත පවුල්වල වැඩිහිටියන්ට අවම පෝෂණය සහිත ආහාර වේලක් නොලැබීම පමණක් නොව දිනකට ලැබෙන ආහාර වේල් 03 වෙනුවට එක් ආහාර වේලක් පමණක් ලැබන අවස්ථා පවතින බැවින් අඩ කුසගින්නේ සිටීම‌ට සිදුවී තිබීම. සමහර පවුල්වල වියපත් වැ

ශ්‍රී ලංකාව බංකොලොත් කල රාජ්‍යයේ උසස් නිලධාරී අත්තනෝමතිකත්වය ඉවත් කරමු

Image
  ශ්‍රී ලංකා වැඩිහිහිටියෝ    ප්‍රජා සංවිධානය ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමෙන් මහත් ව්‍යසනයකට මුහුණ දී සිටින එක් ජන කණ්ඩායමක් වන්නේ ශ්‍රී ලාංකීක වැඩිහිටියාය. එබැවින් මෙම ව්‍යසනයෙන් ඉතා ඉක්මනින් රට නිදහස්වීම දැකීම ශ්‍රී ලංකීක වැඩිහිටියන්ගේ අපේක්ෂාව වේ. මෙම හේතුව නිසා රට බංකොලොත් වීමට හේතු වු සාධක ගැඹුරින් අධ්‍යනය කරමින් ද, එම සාධක විවේචනය කරමින්ද, එම සාධක නිවරදි කිරීමට ගතයුතු පියවර සොයා බලමින්ද, ඒ පිලිබදව විවිධ පාර්ශව සමග සාකච්ඡා කොට කරුණු රැස්කරමින්ද, එම කරුණු සමාජ ගතකරමින්ද කටයුතු කිරීමට ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයට ‌විශාල වගකීමක් පැවරී ඇත. අපගේ මෙම කරුණු දැක්වීමද එම වගකීම ඉටුකිරීම පිණිස මිස කිසිම පක්ෂයකට, කල්ලියකට, කණ්ඩායමකට පුද්ගලයෙකුට  පක්ෂව හෝ    විරුද්ධව කරනු ලබන කරුණු දැක්වීමක් නොවේ. රාජ්‍යයේ  උසස් නිලධාරී අත්තනෝමතිකත්වයේ බලපෑම ශ්‍රී ලංකාව කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවන් වුයේ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ගේ අත්තනෝමතිකත්වයයි. සෑම රාජ්‍ය ආයතනයකම අඩු වැඩි වශයෙන් මෙම තත්වය පසුගිය දශක කීපය පුරාම වර්ධනය වෙමින් පැවතුනි.   උසස්වීම්, තාන්නමාන්‍ය, විදේශ ගමන්, ශිෂ්‍යත්‍ව, විශ්‍