Posts

Showing posts from July, 2022

ශ්‍රී ලංකා වැඩිහිටියෝ සමග එක්ව ඔබට කල හැකි ජනතා සේවය

Image
  ශ්‍රී  ලංකා වැඩිහිටියෝ සමග එක්ව  ඔබට කල හැකි  ජනතා සේවය ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය නිර්දේශපාලනික නිදහස් මතධාරී ජනතා සංවිධානයෙකි. දේශපාලන සංවිධානවලට  ඔවුන්ගේ කටයුතු කරන්නට ඉඩහැර  නිදහස් මනසින් රටට ජනතාවට සේවය කරන්නට කැමති අය හා එක්ව සමාජ ‌සේවයේ යෙදීම අපගේ අභිප්‍රාය වේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීක වැඩිහිටි ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ජාතික වැඩිහිටි ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට ,ලමා හා තරුණ  ප්‍රජාවට වැඩිහිටියා සමාජයට කල සේවය නිවරදිව පැහැදිලි කරදීමට, වැඩිහිටියාට බලපාන පොදු  ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා  සංවිධානය වීමට අමතරව අප සංවිධානය සිදුකරණු ලබන බොහෝ සමාජ ‌සේවාවන් සඳහා ඔබට දායක විය හැකිය. සමාජ කටයුතු දායක වීමට කාලය, ධනය, නිරෝගීබව අඩු අය ඇතුලු ලමා, තරුණ මහලු සෑම අයෙකුටම කෙසේ හෝ සමාජ සේවයට දායක වියහැකි අයුරු කටයුතු කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සදහා කුමන හෝ දේශපාලන සංවිධානයක සාමාජිකයෙකුට වුවද තම දේශපාලන මතිමතාන්තර ඒසේම තබාගෙන අප සමග එක්ව කටයුතු කිරීමට  සංවිධානයේ නිර්දේශපාලනික බව බාදාවක්ද  නොවේ. නමුත් කිසිම විටක කීසිම දේශපාලන පක්ෂක. සංවිධානයක, කණ්ඩායමක කුමන හෝ නිලයක් දරණ අයෙකුට ශ්‍රී ලංකා ව

වැඩිහිටියා ගැන සමාජ අවධානය යොමුවිය යුත්තේ ඇයි ?

Image
  වියපත් වැවිහිටියා කවරෙකුද , වැඩිහිටියා ගැන සමාජ අවධානය යොමුවිය යුත්තේ ඇයි ?   වියපත් වැඩිහිටියා නිකං මහලු නොවීය. හේ   තම තරුණ අවධියේ ලේ,කඳුලු, දහඩිය වැගුරුවේ   තම රට වෙනුවෙනි. නුතන මිනිසා ප්‍රයෝජනයට ගන්නා ගහකොල මංමාවත් නිවාස ගොඩනැගිලි යනාදී කොයිදෙයහිත් නිර්මාණ කරුවා මේ වැඩිහිටියාය. එසේ රට වෙනුවෙන් ,සමාජය වෙනුවෙන් මානව සංහතියේ අභිවෘධිය වෙනුවෙන්, අනාගත ලෝකය වෙනුවෙන් තම ලේ දහඩිය කඳුලු හෙලා අබල දුබල වු පසු ව්‍යජනයක තෑමුබුනු විට ඉවත දමන කරපිංචා කොලයක් සේ වැඩිහිටියාට නොසලකා හැරීම මිනිස්කමට ගැලපෙන්නක් නොවේ.   එමෙන්ම ජීවිතයේ තම ජවසම්පන්න අවධි‌යේ වැඩකොට   මහලු වුවත් ඔහු ලැබු දැනුම, අත්දැකීම් හා පලපුරුද්ධ මහලු නොවේ. එම දැනුම රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයට යොදා නොගෙන වැඩිහීටියා වැඩකට නැති දිරාටිය කඳක් ලෙස සැලකීම ද , ඔහු/ඇය සමාජයට බරක් ලෙස සැලකමද සාධාරණ නොවේ.   අතීත ශ්‍රී ලංකාවේ ඉතා උසස් වැඩිහිටි සංස්කෘතියක් පැවතුනි.එම සංස්කෘතිය වැඩිහිටි දැනුම අත්දැකීම් පලපුරුද්ද සමාජ සංවර්ධනයට හා ආර්ථික සංවර්ධනයට යොදාගනු ලැබීය. එකල   වැඩිහීටියා පවුලට සමාජයට ආර්ථිකයට බරක් ලෙස නොසැලකූනි.   නමුත් ලෝකය දියු

-ශ්‍රී ලංකා වැඩිහිටියෝ ජ්‍ර‍ජා සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට

Image
  “ශ්‍රී ලංකා වැඩිහිටියෝ (නිර්පාක්ෂික,නිදහස් මතධාරී)ප්‍රජා සංවිධානය “ හ්‍රී ලාංකීක වැඩිහිටි   ප්‍ර‍ජාවගේ සුභසාධනය, අයිතිවාසිකම්, යුතුකම් හා වගකීම් වෙනුවෙන් වන   නිර්පාක්ෂික   ප්‍ර‍ජා සංවිධානයකි ප්‍ර‍ධාන කාර්යාලය   අංක 1/26 මොරොන්තුඩුව පාර වාද්දුව - දු.ක 071 3517023 ( සාමාජික අයදුම් පත්‍ර‍ය   සම්පූර්ණ නම    .........................................................................................................................................හිමි/මයා/මිය ලිපිනය ............................................... ................................. ................................... .................... ජා හැ අංකය.......................................     උපන් දිනය   ..................................          ස්ත්‍රී/පුරුෂ භාවය   ................. කරනලද/දැනට කරන   රුකියාවේ ස්වභාවය ..................................................... විශේෂ හැකියාවන් ඇත්නම්................................................. දුරකථන අංකය (ඇත්නම්)........................ ගරු ලේකම් තුමා වෙත ,

ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානයේ කටයුතු ගැන රාජ්‍ය නායකයාගේ ස්තූතිය

Image
 
Image
                                                                   ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය  ශ්‍රී ලංකා වැඩිහිටියෝ ගමන් මග   පිලිබදව ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය ද වැඩිහිටි සමිතියකි. නමුත් ලංකාවේ සෑම ග්‍රාමසේවා වසමකම පවතින වැඩිහිටි සමිතිවලට වඩා ශ්‍රී ලංකා වැඩිහිටියෝ වෙනස් වේ.. සාමාන්‍ය වැඩිහිටි සමිතියකින් කරනු ලබන්නේ වැඩිහිටි ප්‍රජාව එක්ව එහි සාමාජිකයින්ගේ සුබ සාධනයෙකි. වන්දනා ගමන්, විනෝද ගමන්, පින්දහම් උත්සව සංවිධානය කිරීම, මරණයකදී මගුලකදී එක්ව සහාය වීම, යනාදී සරල සමාජ සේවයක් එම සංවිධාන වලින් සිදුවේ. එම සංවිධානවල නිළධාරීන් සමාජ සේවකයින් ලෙස පොදුවේ පිලිගණු ලබයි.එම සමිතිවලින් ද වැඩිහිටියාට බොහෝ සේවයක් සිදුවන බව අපගේ පිලිගැනීමයි. නමුත් ශ්‍රී ලංකා වැඩිහිටියෝ එම සමිතිවලට වඩා පුලුල් කාර්යභාරයක් ඉටුකිරීම සදහා පිහිටුවා ගත්තකි. අපගේ අරමුණ පුලුල්ය, කාර්යභාරය සංකීරණය. අපි සමාජය වෙස් කිරීමට වෙර දරණ සංවිධානයෙකි. වැඩිහිටියා සම්බන්ධව සමාජ ආකල්ප ධනාත්මකව වෙනස්කිරීම ,වැඩිහිටියන් සම්බන්ධ නීති රීති   අන පනත් ඇතිකර ගැනීම, වැඩිහිටි සුබසාධනය,වැඩිහිටියා සතු වටිනා ැනුම සුරක්ෂිත කොට

සංවිධානයේ ලාංජනය

Image
 සංවිානයට නිල ලාංජනයක් නිර්මාණය කරගැනීමට 2015/ 08 04 දින රැස් වූ  කාරක සභාව සාමාජික මහත්ම මහත්මීන් ඉදිරිපත්කොට තිබූ සාම්පල්  කීපයක් අතරින් විරාජ් චින්තක මහතා ඉදිරිපත්කොට තිබූ ලාංජනය  සංවිධානයේ ලාංජනයට සුදුසු බව තීරණය කරණු ලැබීය. විරාජ් චින්තක මහතා ඉදිරිපතකල සංවිධානයේ කාරක සභාව පිලිගත් සංකල්පය  අනුව ලාංජනය අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ උසස් පෙළ     ශීීීීීිෂ්‍යාවක වු කවීෂා සත්සරණී දැරිය නිර්මාණය කර දෙනු ලැබීය. 
Image
  ශ්‍රී ලංකා වැඩිහිටියෝ සමග ඔබත් එක් වන්න.. උදේ හවස බණ කියන, බණ අසන ,හැම ගමක ,නගරයකම අවම වශයෙන් එක පූජනීය ස්ථානයක් හෝ පිහිටා තිබෙන අපේ රටේ 2013, 2014, 2015 වසර තුන තුලම දිවි නසාගත් අයගේ ඉහලම ප්‍රතශතය අවුරදු 65 ට වැඩි වයස්ගත   මිනිසුන් බව වාර්තා වී ඇත.. තමන් හැදු වැඩු දරුවන් විසින්ම වියපත් මව් පියන් බලු කුඩුවල බැද දමන තරමට මේ වනවිට අප සමාජය විෂම වී ඇත. බස් රියේ දුම්රියේ යද්දී අබල දුබල වැඩිහිටියෙක් ගොඩ වූ විට අපේම තරුණ දූ පුතුන්ට සීටින අසුනේ වල නින්ද යන හැටි අපි අත්දකිමු. මග තොටේ බත්පතට වෙනුවෙන්   අත පාන වැඩිහිටියන් අපිට කොපමණ හමු වී ඇද්ද? වැඩිහිටි නිවාස වලට කොටුව කොපමණ වැඩිහිටියන් හුදකලාව මානසික පීඩනයට පත්ව සිටීද?. මෙසේ   අසරණ වී මානසික වධ බන්ධනයටද ලක්ව සිටින්නේ හේනේ ,කුඹුරේ, කම්හලේ, වැඩපලේ දහඩිය වැගුරූ, ජීවිතය යන්තම් ගැටගසා ගත් අයම නොවේ.ජීවිතයේ එක් කලෙක මහ බලවතුන්, ධනවතුන් ,වියතුන්, වෘත්තීය විශේෂඥයින් ,ව්‍යාපාරිකයින් ද මහලු වයසේ මෙසේ   අසරණව සිටිති.මේ අසරණව සිටින්නේ   දරුවන් නොවක් සෙනහසින් ඇති දැඩි කල, දෑස් පැදු, දිවා රෑ නොබලා දරුවන් වෙනුවෙන්   දහඩිය වැගුරූ මව් පිය වැඩිහිටයන්ය.   ල
Image
  ් “ශ්‍රී ලංකා වැඩිහිටියෝ (නිර්පාක්ෂික,නිදහස් මතධාරී)ප්‍රජා සංවිධානය “ හ්‍රී ලාංකීක වැඩිහිටි   ප්‍ර‍ජාවගේ සුභසාධනය, අයිතිවාසිකම්, යුතුකම් හා වගකීම් වෙනුවෙන් වන   නිර්පාක්ෂික   ප්‍ර‍ජා සංවිධානයකි ප්‍ර‍ධාන කාර්යාලය   අංක 1/26 මොරොන්තුඩුව පාර වාද්දුව - දු.ක 071 3517023 ( සාමාජික අයදුම් පත්‍ර‍ය   සම්පූර්ණ නම    .........................................................................................................................................හිමි/මයා/මිය ලිපිනය ............................................... ................................. ................................... .................... ජා හැ අංකය.......................................     උපන් දිනය   ..................................          ස්ත්‍රී/පුරුෂ භාවය   ................. කරනලද/දැනට කරන   රුකියාවේ ස්වභාවය ..................................................... විශේෂ හැකියාවන් ඇත්නම්................................................. දුරකථන අංකය (ඇත්නම්)........................ ගරු ලේකම් තුමා ව